IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පැමිණිල්ලක් විභාග කරන්න ගිහින් දැරියකට හදි කරන්න හදලා

(ඉන්දිකා රාමනයක)

පැමිණිල්ලක් විභාග කිරීමට තිස්සමහාරාම ප්‍රදේශයේ නිවසකට  ගොස් එහි සිටි 16 හැවිරිදී දැරියකට කාමරයක් තුළද ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහාරාම පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි සැරයන්වරයෙකි.

තිස්සමහාරාමයේ පදිංචි ඉහත දැරිය නිවස තුළ කලහකාරී ලෙස හැසිරෙන බවට ඊයේ 02 රාත්‍රියේ පොලිස් හදිසි ඇමතුම් අංශය 119 වෙත ලද දැනුම් දීමකට අනුව පොලිසියේ රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි ඉහත සැකකාර සැරයන්වරයා දැරියගේ නිවසට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

දැරිය උපකාරක පංතියකට යන බව පවසා ඇයගෙ පෙම්වතා සමග කිරින්ද ප්‍රදේශයට ගොස් ඇති බවට මවට සැලවීමත් සමඟම  ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීමේදී දැරිය නිවස තුළ කලහකාරී ලෙස හැසිරී ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගෙන් තොරතුරු විමසීම සඳහා සැකකාර සැරයන් දැරිය රැඳී සිටි කාමරය වෙත ගොස් ඇය  සමග කතා කරමින් සිටින අතරතුර  ලිංගික අතවර කළ බවට පොලිස් ස්ථානය වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව සැකකාර සැරයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

 

 



අදහස් (11)

පැමිණිල්ලක් විභාග කරන්න ගිහින් දැරියකට හදි කරන්න හදලා

Janii Monday, 03 March 2025 09:47 AM

මේක ගැන නං විධිමත් පරීක්ෂණයක තියන්න වෙයි. ළමයාගේ බොරුවක් කියල තමා මට නං හිතෙන්නෙ.

:       4       58

රටවැසියා Monday, 03 March 2025 10:04 AM

පොලිසියේ වැරැද්දනේ! ඩබ්ලිව්පිසි කෙනෙක් යවන්න ඕන තැනට පිසි කෙනෙක් යවලා හරියනවද?

:       0       45

pakeer Monday, 03 March 2025 10:09 AM

මෝඩ පොලිස්කාරයෙක් ඔය වැඩේට යන්න තිබුණේ පොලිස් කාන්තාවක් එක්ක

:       1       32

primeshika Monday, 03 March 2025 10:18 AM

කාන්තා පොලිස් නිලධාරිනියක් විසින් කල යුතු පිලිවෙලට පොලිස් නිලධාරියෙක් කටයුතු කිරීමට යාමෙන් ඇති වූ අනවශ්‍ය ගැටලුවක්..

:       0       31

ගුණරත්න Monday, 03 March 2025 10:20 AM

පළමු වැනි ප්‍රස්නය ඇයි කාමරේකට ගියේ? දෙවනුව කෝ දෙමවුපියන් බාරකාරයන් හෝ කාන්තා කොස්තාපල්වරියක් හිටියද? දැරියකගෙන් ප්‍රස්නකරන්න පිරිමි කොස්තාපල් කෙනෙකුට තනියම කාමරේකට යන්න අවසර නැහැ.

:       1       18

DAMMIKA Monday, 03 March 2025 10:25 AM

සැරයන් මොකටද කාමර අස්සෙ රින්ගන්න ගියෙ? කාන්තා පොලිස් නිලධාරිනියක්ව යොමු කරන්න ඕන තැනට

:       3       15

Perera Monday, 03 March 2025 10:26 AM

මෙයා අම්මලාටත් කෝකා පෙන්නවා පොලිසියට කෝකා පෙන්නන්නයි හදන්නේ

:       5       16

බකල ජයාMonday, 03 March 2025 11:56 AM

සැරයන් නෙමේ ද කොකා පෙන්නන්න හදලා තියෙන්නේ?

:       6       9

Nihal Monday, 03 March 2025 12:04 PM

ඔහොම ගියොත් බටහිර රටවල තත්වයට ලංකාව පත්වෙන්න වැඩිකලක් යන්නේ නෑ.

:       1       3

රම්බොඩ Monday, 03 March 2025 12:29 PM

මෙවැනි දරුවන් මනෝ ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි .හොඳ උපදේශන මිසක නීතිය පැත්තට යෑමෙන් තව තවත් ව්‍යාකූල විය හැක.

:       0       7

ජිල්බු Monday, 03 March 2025 01:02 PM

ෂෝක්නේ. එතකොට සුද්දො බෝට්ටුවලින් මෙහෙ එයි. කඩවලින් බඩුගන්න ඉංග්‍රීසි, ජර්මන් වගේ ඉගෙනගන්න වෙනවා. බඩුදෙන්න, ට්‍රොලි තල්ලු කරන්න ඉන්නෙ ඒ රටවල්වල ඉදල බෝට්ටුවලින් ආව උන් හින්දා.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site