IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පැමිණිල්ල විභාගයට ගිය කොස්තාපල්ට පොරෝ පහරක්

(ඉන්දිකා  රාමනායක, ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරි සහ ජවුෆර් කාන්)

මඩකලපුව කලවංචිකුඩි ආරියම්පති ප්‍රදේශයේ පවුල් ආරවුලක පැමිණිල්ලක් විභාග කිරීමට ගිය කලවංචිකුඩි පොලිසියේ කොස්තාපල්වරයකුට  පොරවකින් පහර දී තුවාල  සිදු කළ හිටපු එල්.ටී.ටී.ඊ සමාජිකයකු අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු බීමතින්  බිරිඳට හිරිහැර කරන බවත්, ඇයට නිවසට  පැමිණීමට නොදෙන බවටත්  ඇය පෙරේදා (18) කාන්තන්කුඩි පොලිසියට කළ පැමිණිල්ලකට  අනුව පොලිසිය ඊයේ (19) පෙරවරුවේ   පැමිණිල්ල විභාගයට  ගිය අවස්ථාවේ  මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.

පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා  සැකකරු  මුන ගැසීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ඔහු  පොලිස් නිලධාරීන් සමග බහින් බස් වී  පොලිස් නිලධාරියකු වෙත පොරෝ තලයක් පහර දී ඇති බව පොලිසිය සඳහන් කරයි.

පොරෝ තල පහර වැදීම නිසා තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මඩකලපු රෝහලට ඇතුළත් කර ප්රවතිකාර ලබමින් පසුවෙයි.

කලහාකාරි ලෙස හැසුරුණු සැකකරු සමග සෙසු පොලිස් කොස්තාපල්වරයා පොරබදා ඔහු මෙල්ල කර ගෙන ඇත.

සැකකරු අත්අඩංරැගුවට ගෙන පරික්ෂා කිරීමේ මේ දී ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී අත් බෝම්බයක් සොයාගත් බව පොලිසිය පවසයි

අත්අඩංගුවට ගත් සැකකරු 47 හැවිරිදි වියේ  පුද්ගලයකු  බවද පොලිසිය කියයි.



අදහස් (0)

පැමිණිල්ල විභාගයට ගිය කොස්තාපල්ට පොරෝ පහරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site