
(දයාරත්න ඇඹෝගම)
පෞද්ගලික බස් රථයකින් කැකිරාවේ සිට මරදන්කඩවල සිය නිවෙසට එමින් සිටි 74 හැවිරිදි දෙදරු පියෙකු මරදන්කඩවල නගරයේදි එම බස් රථයටම යටවි මිය ගොස් ඇතැයි මරදන්කඩවල පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මරදන්කඩවල,ඉහළ පුලියන්කුලම පදිංචිව සිටි ස්මයිල් අක්බාස්(74)නැමති දෙදරු පියෙකි.
මිය ගිය අය පෞද්ගලික බස් රථයකින් කැකිරාවේ සිට මරදන්කඩවලට පැමිණ බස් රථයෙන් බැස ඉදිරියට යමින් සිටියදි බස් රථය යළි ධාවනය කරනවාත් සමග එම බස් රථයේ ඉදිරිපස රෝදයේ ගැටි බරපතල තුවාල ලබා මරදන්කඩවල රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලටත් ඇතුලත් කළ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ දෙනෙක් පැමිණි බසයට යටවෙන්නේ බසය පදික මාරුව සීමාවේ බසය නවතන හෙයිනි. එවිට බසයෙන් බැස පාර මාරුවෙන්න ගියාම ඔහොම වෙනවා. පදික මාරුවට මීටර් කීපයක් තියා බසය නවතනවා නම් ඔහොම වෙන්නේ නැහැ. මේක අප ප්‍රදේශවල දැකලා තියෙන නිසා කියන්නේ මේකට මාර්ගය දෙපස පදික වේදිකාවේ වෙළඳාම හා ප්‍රධාන වශයෙන් ත්‍රීවීලර් නවතා තැබීම හේතුවක් වෙනවා..!