
(චමිල් රූපසිංහ)
පාසල් නිමවි නිවෙස් බලා යමින් සිටි පිලිමතලාව ප්‍රදේශයේ පාසලක සිසුවකුට පාසල් හැරගිය සිසුන් පිරිසක් පිහියකින් ඇනිම පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කඩුගන්නාව පොලිසිය පවසයි.
පිලිමතලාවේ පදිංචි මෙම සිසුවා පිළිමතලාව 11 ශේණියේ ඉගෙනුම ලබන අතර අද පස්වරුවේ පැසල නිම වී නිවෙස බලා යමින් සිටියදි පිළිමතලාව දුම්රිය ස්ථානය අසලදි තිදෙනකුගෙන් යුතු කණ්ඩායමක් පිහියකින් ඇන ඇති බවද පොලිසිය පවසයි
තුවාල ලැබු මෙම සිසුවා එම ස්ථානයේ සිටි පිරිස් පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරිමට පියවර ගෙන තිබු අතර එහිදි මෙම සිසුවාට සැත්කමක් සුදුකළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේ අධ්‍යාපනය නිම කළ තිදෙනකු අත් අඩංගුවට ගත් බවත් ඒ අතර සහෝදරයන් දෙදෙනකුගද සිටීන බව පොලිසිය පවසයි.
පෙම් හබයක් නිසා හටගත් බහින්බස්විමක් නිසා මෙම පිහි ඇනිම සිදු කර ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම සමාවක් දෙන්න එපා මුන් එකෙකුටවත් .ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිතව හිරේ දාන්න .දෙමව්පියන්ටත් මුන් මහා වදයක් . අසල්වැසියන්ටත් මුන් හතරදෙනා හරිම වදයක්