
(පාලිත ආරියවංශ)
පිහියකින් කපා පාසල් ගුරුවරියකට තුවාල සිදුකළේ යැයි සැකපිට තවත් පාසැල් ගරුවරියක් අද (19) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.
තුවාල ලැබූ 44 හැවිරිදි ගුරුවරිය බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර ඇගේ පාදයක සහ අතක කැපුම් තුවාල ඇතැයි බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය වරයෙක් පැවසීය.
අත්අඩංගුවට ගත් 45 හැවිරිදි සැකකාර ගුරුවරිය සන්තකයේ තිබූ පිහියක්ද සොයාගත් බව පොලිසිය සඳහන්කළේය.
මෙම ගුරුවරියන් දෙදෙනා පාසල් දෙදක රාජකාරි කරන මිතුරියන් බවත් දෙදෙනා අතර ඇතිවූ විරසික වීමක් නිසා සැකකාරිය ඩෙනිම් කලිසමකින් සැරසී ඊයේ (18) මැදියම් රැයේ අනෙක් ගුරුවරිය සොයා ඇගේ නිවසටම ගොස් මෙම අපරාධය සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන්වන බවද පොලිසිය පැවසීය.
එම නිවැසියන් විසින් සැකකාරිය අල්ලා පොලිස් හදිසි ඇමතුම් 119 වෙත දැනුම් දී පොලිසියට බාර දුන් බවද පොලිසිය පැවසීය.
පෙම් පලහිලව්වක් මෙම අපරාධයට හේතුවී ඇති බවද අනාවරණය වී තිබේ.
බදුල්ල කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත සහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත අපාරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණුවී ඕජස් ගලන සමාජයක ගුරුවරියන් පමණක් කුණු නොවී සිටීමට හේතුවක් නැත. මෙම පුවත හරි හැටි විශ්ලේෂණය කළොත් අපි හැමදෙනාම අඬන්න ඕනෑ පුවතක්. නමුත් අපේ පිරිහුණු සමාජ සෞඛ්‍ය තත්වය ගොඩගැනීම පිළිබඳව කිසිවෙක් කතාකරන්නේ නැහැ. ඔහොම යං...
ගෙදරටම ඇවිල්ලා පිහියෙන් ඇනල තුවාල කලා ඉතින් ඒත් පොලිසිය අල්ලාගෙන තියෙන්නෙ සැකපිට කියලා කියනවා මේ රටේ සත්‍යම ක්‍රියාවක් වුනත් සැකපිට අත් අඩංගුවට ගැනීම තවතවත් වැරදි කිරීමට හේතුවක් වෙනවා
පෙම් නොවෙයි අනියම් පෙම් පලහිලව්වක් විය යුතුයි. ලංකාවෙ ඒ වැඩේ ජයටම යන වගක් පේනවා. විනයක් නැති සමාජයක සීලයක් ගැන කතා කරලා වැඩක් නෑනෙ
ඉගෙන ගන්න දරුවන්ට දෙයියන්ගෙම පිහිටයි. විනය මාර්ග අරගෙන වැරැද්දක් ලෙස ඔප්පු උනොත් ... වැඩ තහනම් කරලා දාන්න ඕනෑ.
කවුද දන්නේ නෑ. 'අනංගයා' නාබර කොලු ගැටයෙක්ද ?
කව්ද ඔබේ ප්‍රේමවන්තයා...? කොන්ඩෙ බඳිනවාද? කපනවාද කියාපන් එයා...
දිසාපාමොක් පරපුරටම නින්දාවක් වූ මේ 40 පැනපු කතුන් දෙදෙනාට ලබාදෙන දඬුවම් පිළිබඳ තිළිණි ශල්වින් නෝනාටවත් බැරිද අදහසක් ඉදිරිපත් කරන්න. ජෝසෆ් ස්ටාලින්ගේ සහ මහින්ද ජයසිංහගේ උදව් ගත්තත් කමක් නැහැ..
නියමයි, සුපිරියි... ළමයින්ට අබ සරණයි.
ගුරු චර්යාධර්ම අනුව මොවුන් වරදක් කරලා කියලා කියන්න පුළුවන්... ඒත් වත්මන් ගුරු සංගම් නිසා ගුරුසේවයේ ගරුත්වය සම්පූර්ණයෙන්ම නැතුව ගිහිල්ලා කියලා පේනවා. එනිසා ඉදිරියේ තවතවත් දේවල් අහන්න ලැබේවි කියලා හිතෙනවා. ඇත්තටම මෙහෙම වෙන්නේ ඉගැන්වීමට හැකියාව නැතත් රැකියාවක් කරන්න තියෙන අවශ්‍යතාව හා ටියුෂන් පාරක් දාගෙන මාස තුනක් නිවසේ සිට වැටුප් ගැනීමේ වරප්‍රසාදය මත බොහෝමයක් ගුරු සේවයේ යෙදෙනවා. ඊළඟට උපාධි සහතිකය පදනමෙන් වරකට තිස් හතලිස් දහසකට ගුරු පත්වීම් ප්‍රදේශයේ දේශපාලුවන්ගේ ගෙදරට ගෙන්වා බෙදා දෙනවා. කිසිම විටක ඒ අයට ඉගැන්වීමට හැකියාව තිබේද කියලා නම් කිසිම හැඟීමක් නැහැ. ඉතින් එහෙම ගුරුවරු, ගුරුවරියෝ ආවාම ඔහොම නොවුණොත් තමයි පුදුමේ. ඇත්තටම දරුවන් ගැන පමණක් නොවෙයි රට ගැන හිතන ගුරු භවතුන් පිරිසක් ඔය අතර ඉන්නවා. ඔවුන්ට උපහාරයක් වේවා...!
මාලිමාවට විතරයි මේ විපරිත රට හරි මාර්ගෙට ගන්න පුළුවන්. ජය වේවා !!!