(සෝමසිරි හිඟුරලආරච්චි සහ කේ බුද්ධික කුමාරසිරි)

පෙම් පළහිලව්වක් දුරදිග යාම නිසා සිය පෙම්වතියග පියා ඝාතනය කර පෙම්වතියට ද තියුණු ආයදු ප්‍රහාරයක් එල්ල කිරීම නිසා ඇය රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

 අවිස්සාවේල්ල හේවායින්න බදුවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ දී මෙම  අපරාදය සිදුව ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කර ගනිමින් ඇති වූ බහින් බස් වීමක් නිසාවෙන්  මෙලෙස ඝාතනය සිදු කර ඇතැයි ද පොලිසිය පවසයි

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම නිවසේ පදිංචිකරුවකු වන යක්දෙහි දේවගේ චන්ද්‍රපාල නමැති 60 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පුවක්පිටිය උද්භිත උද්‍යානයේ මුරකරැවකු බව කියන 27 හැවිරිදි පුද්ගලයකු හදුනාගෙන ඇති බවක් සැකකරු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද පොලිසිය පවසයි