IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පෙම් කෙළින අස්සේ ගිනි කූරක් ගහලා ඇතුගල්පුරයට ගිනි තියලා

(පුෂ්පකුමාර ජයරත්න)

පෙම් පලහිලව්වකට ගිනි කූරු දල්වා කුරුණෑගල ඇතාගල කන්ද මුදුනේ ගින්නක් ඇති කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තරුණ පෙම් යුවළ හෙට දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් නීතීඥ නලීන් ජේ.එදිරිසිංහ මහතා  නියම කළේය.

මහව නාගොල්ලාගම පදිංචි යුද හමුදා සෙබළකු (28) සමඟ ඔහුගේ පෙම්වතිය බව කියන මහනුවර වත්තේගම ප්‍රදේශයේ තරුණියක (20) එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

මෙම යුවළ විසින් කරන ලද ගිනි තැබීම කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ සාමාජිකයන් සහ ⁣කුරුණෑගල මූලස්ථාන පොලීසියේ නිලධාරීන් එක්ව දැඩි වෙහෙසක් ගෙන නිවා දැමීම හේතුවෙන් ඇති වීමට ගිය මහා විනාශයක් වළකාගත හැකිවී තිබේ. වයඹ පළාත් සභා සංකීර්ණය අසලින් ඇතුගල මුදුනට පිවිසීමට තනා ඇති ඉපැරැණි ගල් පඩි පිවිසුමේ මැද කොටසේ මෙම ගින්න හටගෙන තිබුණි.

සැකකාර යුවළගේ නොසැලකිලිමත්කම නිසා මේ දිනවල පවතින අධික වියලි කාලගුණය සහ සුළඟ හේතුවෙන් එම ගින්න වළක්වා ගත නොහැකිව පැතිර ගියානම් ඇතුගල ප්‍රදේශය සහ කුරුණෑගල නගරාසන්නයේ ප්‍රදේශ ගණනාවක්ම ගින්නට හසුව බරපතළ විනාශයක් සිදු වීමට ඉඩ තිබූ බව පොලීසිය සඳහන් කළේය.

එසේම ඇතුගල මුදුනේ ඉදිකර තිබෙන බුද්ධ ප්‍රථිමාවට සහ දුරකථන සබඳතා මධ්‍යස්ථානයටද හානියක් වීමට ඉඩ තිබූ බවද පොලීසිය පැවසීය.

 



අදහස් (1)

පෙම් කෙළින අස්සේ ගිනි කූරක් ගහලා ඇතුගල්පුරයට ගිනි තියලා

Bunny Preena Monday, 21 August 2023 09:50 AM

මේ දෙන්නා හොඳයි කරත්තේ බඳින්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site