(නිමල කොඩිතුවක්කු)
පෙබරවාරි මාසය අවසන් වීමට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සහ රජය අවශ්‍ය පියවර ගත යුතුව ඇතැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කොළඹදී පැවසීය.
යම් හෙයකින් පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මාසය අවසන් වීමට පෙර පැවැත්වීමට නොහැකි වුවහොත් එයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවන බවත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මාර්තු 12 ව්‍යාපාරය කොළඹ පදනම් ආයතනයේදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි තම සංවිධානය අගමැතිවරයා හමුවී ඉල්ලීමක් කළ බවත් ඔහු සඳහන් කළේය.
නියමිත කාලයට මැතිවරණ පැවැත්විය යුතු බවත් මැතිවරණයට බාධාවක් වන ආකාරයෙන් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගත හොත් එයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු තවදුරටත් කීවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පෙබරවාරි අවසන් වෙන්න කලින් මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතුයි
gunda Wednesday, 07 December 2022 07:50 AM
මැතිවරණ පවත්වන්න මේ මනුස්සයට පුදුම උණක්නේ තියෙන්නේ. රටට දේශපාලකයන් නිසා වෙලා තියන වින්නැහිය මෙයාට පෙන්නේ නැතිව දුවන්නන් වාලේ දුවනවා. රට කන්න තව නඩයක් ගෙනෙන්නයි සූදානාම් වෙන්නේ. අනුන්ගේ සීනි කිරන්නේ නැතිව තමන්ගේ ඔලුවෙන් නිදහසේ හිතලා බලනව හරියටම කරන්න ඕන මොනවද කියලා.
fairoos Wednesday, 07 December 2022 02:00 PM
බයියන්ට දැන්ම ඡන්දයක් අවශ්‍ය නැහැ. ඉන්න හිතෙන රටක් තියෙනවනේ.
ආනන්ද Wednesday, 07 December 2022 03:48 PM
ඔව් ඔව් පළාත් පාලන මැතිවරණ නම් ඉක්මනින් ඕන තමයි මොකද අපගේ පැමිණිල්ලක් අනුව සැප්තැම්බර් 14 වෙනිදා අපව කැඳවා පරීක්ෂණයක් කලේ එක සභාවක සභාපතිම තමයි. එදා කිව්වේ ඒ මාසයේම ස්ථාන පරීක්ෂණ කරලා විසඳුම් දෙනවා කියලා අදට මාස තුනකට ආසන්න වෙලා කිසිම දෙයක් කරලා නැහැ. ඉතින් මෙහෙම ආයතන මොකටද? එනිසා වහාම මැතිවරණ තියන්න කියලා කියනවා..