(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වියළි කාලගුණ තත්වය හේතුවෙන් රට පුරා දිස්ත්‍රික්ක රැසක ජනතාව උග්‍ර පානීය ජල ප්‍රශ්නයට මුහුණදී සිටින හෙයින් ඒ ජනතාවට කඩිනම් සහන සලසන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ඉල්ලීමක් කළේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසූවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
නියඟය හේතුවෙන් වගාවන්ට සහ සත්ත්ව පාලනය සඳහා ජලය ලබා ගැනීමට නොහැකිවී තිබෙනවා. විදුලි ජනනය සඳහා ජලය ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. වන සතුන්ටද පානීය ජලය ලබා ගැනීමට නොහැකිවීමෙන් විවිධ ගැටළු මතු වී තිබෙනවා. තෘණ භූමි විනාශ වී යෑමෙන් සතුන්ට ආහාර හිඟයක් ඇති වී තිබෙනවා. ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නයක් විදිහට මම මෙය ඉදිරිපත් කරනවා.
දැනට පානීය ජල හිඟයක් පවතින ප්‍රදේශ කවරේද. ජල හිඟය වැලැක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කුමක්ද. ඉදිරියේදී ජල හිඟය වැලැක්වීමට රජය ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේද.
ගිං කළු නිල්වලා ව්‍යාපෘතියට අත්වූයේ කුමක්ද. වගා විනාශ වූ උඩවලවේ ගොවීන්ට රජය ලබාදෙන සහන මොනවාද. මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මුදල් ප්‍රශ්න තිබෙනවා නම් සීනි බදු වංචාවට සම්මාදම් වූ අය නීතිය හමුවට ගෙනවිත් ඒ බිලියන 15ක මුදල සොයා ගන්න පුළුවන්.ඊට පස්සේ වගා වන්දි දෙන්න ඒ මුදල යොදාගන්න පුළුවන්. වී මිල ගැන අද ඇමතිතුමාට සතුටු වෙන්න පුළුවන්ද.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පිපාසයෙන් සිටින ජනතාවට සහන සලසන්න
Nimal Tuesday, 22 August 2023 05:06 PM
සජිත් පරණ අතීතය ගැන කතා කිරීමෙන් පලක් නොමැත. වගකිවයුතු විපක්ෂයක් වශයෙන් රජයට සහයෝගය දක්වන්න, පාර්ලිමේන්තුවේ කතා පෙට්ටියක් වූ පමණින් මහජනතාවගේ ගැටළු විසඳීමට නොහැකියි. විසදුම් අවශ්‍ය බව පාර්ලිමේන්තුවේ කියා සිටියද විසඳුම් මොනවාද කියා විපක්ෂ නායක ප්‍රකාශ කරන්නේද නැත. මේ නියඟය මතින් දේශපාලන වාසි ලබාගැනීමේ මෝඩ, පහත් දේශපාලන ක්‍රියාව දැන්වත් නවත්වා රටේ පුරවැසියන්ගේ මූලික අවශ්‍ය තත්වයන් වෙනුවෙන් විසඳුම් ලබාදීමට හෝ ඔබගේ විසඳුම් ඉදිරිපත් කරන්න...