
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සමෝධානික වාර්ෂික වාර්තා ඇගයීම සඳහා වු zCMA Excellence in Integrated Reporting Awards 2022 සම්මාන උළෙලේ’ ප්‍රධාන සම්මාන 2 ක් දිනා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කළමනාකරණ ගණකාධිකාරි ආයතනයක් වන ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනය විසින් සංවිධානය කර ලද මෙම වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය අටවැනි වරට කොළඹ ටාඡ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විය.
මෙවර පීපල්ස් ලීසිං සමාගමේ 2021/22 වාර්ෂික වාර්තාවේ තේමාව වූයේ සාර්ථකත්වයේ සබැඳියාවයි (Linked). ඒ අනුව සමාගමේ 9වැනි සමෝධානික වාර්ෂික වාර්තාව තිරසාරත්වයේ මූලික කරුණුද පවත්වා ගනිමින් ඩිජිටල්කරණයද සමඟ සිය සමාගමේ සන්නාමය පුළුල් කිරීමේ මෙහෙවර උදෙසා මෙවර සමාගමේ උපාය මාර්ගය විදහා දක්වයි.
zCMA Excellence in Integrated Reporting Awards 2022 දී පීපල්ස් ලීසිං සමාගමේ වාර්ෂික වාර්තාව රජය සතු ව්‍යවසාය සමාගම්, මූල්‍ය සහ ලීසිං අංශයේ හොඳම සමෝධානික වාර්තාව සහ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය. අභියෝගකාරී ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද මූල්‍ය වාර්තාකරණයේ විනිවිදභාවය හා සමාජ වගකීම් පවත්වාගෙන යාමට සමාගම දරන උත්සාහය, අඛණ්ඩව වාර්ෂික වාර්තාව සඳහා ලැබෙන දේශීය හා ජාත්‍යන්තර සම්මාන තුළින් මනාව පිළිබිඹුවේ. මෙම ක්ෂේත්‍රවල පවතින ප්‍රමිති අනුගමනය කරමින් කටයුතු කිරීමට සමාගම ගන්නා වූ කැපවීමද තවදුරටත් මෙම සම්මානවලින් සනාථ වේ.
595
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පීපල්ස් ලීසිං සමාගමට නැවත වරක් ගෞරවනීය සම්මාන දෙකක්