(ඉන්දිකා රාමනායක සහ ගයාන් සූරිය ආරච්චි)
සිය යට ඇඳුමේ සඟවාගෙන පුපුරන ද්‍රව්‍ය තොගයක් ලංගම බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලිසිය පවසයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර තලාතුවය ප්‍රදේශයේ පදිංචි (51) කාන්තාවකි.
කළු පාට වෙඩි බෙහෙත් ග්‍රෑම් 165, හැමෝනියා පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 605, විද්‍යුත් නොවන ඩෙටනේටර් 2ක්, අඩි 10 සේවා නූල් 2 ක්, නීති විරෝධී ව මෙරටට ගෙන්වා ඇති දුම් වැටී 20ක් ඇය සඟවාගෙන සිටි බව පොලිසිය සඳහන් කරයි.
යුක්තිය මෙහෙයුමට සමගාමීව ඊයේ (19) කොටවෙහෙර පොලිසිය විසින් අදාල ලංගම බස් රථය පරීක්ෂාවට ලක් කිරීමේදී. මෙම කාන්තාවගේ සැකකටයුතු හැසිරීම අනුව ඇය තවදුරටත් පරීක්ෂා කිරීමේදී යට ඇඳුමේ සඟවා තිබූ ඉහත පුපුරන ද්‍රව්‍ය සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ කිට්ටුවෙනකොට මේවගේ "පොලිසිය හදපු කතා " ගොඩාක් එළියට දාවි, මහින්ද මේවාගේ නිෂ්පාදකයි. හැබැයි, අරගලයෙන් පස්සේ පරම්පරාව ඕවාට රැවටෙන්නේ නැහැ...!
මගේ අම්මෝ, ඕවා ඔක්කෝම මේ ගෑනිගේ " බංකර් "එකේද හංගගෙන ගිහින් තියෙන්නේ ? අනේ මටත් ආසයි බංකර් චෙක් කරන්න පොලිසියට බැඳෙන්න...