(යොහාන් භාසුර)

රට පුරා පසුගිය කාලයේ ගෑස් සම්බන්ධයෙන් යැයි පැවසූ සිද්ධිවලදී ලිට්‍රෝ ගෑස් නිෂ්පාදනයේ දුර්වලතාවක් හේතුවෙන් කිසියම් හෝ කෙනෙක් අපදාවට පත්වූ බවට ඔප්පු වුවහොත් ඒ සඳහා වන්දි ලබාදීමට එම සමාගම අනිවාර්යෙන් ඉදිරිපත් වන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

ලිට්‍රෝ සමාගමට ලෝක බැංකුවෙන් ලැබුණු රුපියල් බිලියන 26 (කෝටි 2600) ද ඇතුළුව සියලුම ණය ගෙවා මේ වන විට රුපියල් බිලියනයක (කෝටි 100) පමණ ලාභයක් සහිත රාජ්‍ය ආයතනයක් බවත් කළමනාකරණ සාර්ථකත්වය මත එම සාර්ථකත්වය ලැබූ බවත් සභාපතිවරයා කීය.