
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කැරලිකරුවන් පුනරුත්ථාපනයට අදාළ වගන්ති ඇතුළත් පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
එමෙන්ම අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින්ද එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමෙන් පසුවද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායකවරයා ප්‍රකාශ කළේය.
කතානායකවරයා මෙම නිවේදනය කළේ සභාවේ කටයුතු ආරම්භයේදීය.
ආණ්ඩුව අරගලයේ යෙදුණු පිරිස මෙම පනත යොදාගෙන දිගු කාලයක් කඳවුරු තුළ රඳවා තබාගැනීමට සැරසෙන බවට විපක්ෂයේ මන්ත්‍රිවරු සහ සමාජ ක්‍රියාකාරිහු පසුගිය කාලයේදී චෝදනා කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පැත්තකින් රටේ කිර්තිනාමය ජාත්‍යන්තරයේ රැකගන්න උදව් කරන්න කියලා රටේ මිනිසුන්ගෙන් ඉල්ලන ගමන් අනික් පැත්තෙන් ඒ මිනිස්සුන්වම වදකාගාර වලට දාල හිරකරන්න නීති ගේනවා , රනිල් මේ ජාතියේ වැඩ වලට හරි ප්‍රසිද්දයි
රනිල්ගේ දෙපිටකාට්ටු වැඩ වලට් සීමාවක් තියෙන්නම ඕන නේ
උත්තරීතර අධිකරනයට අපේ ජනතා ප්‍රණාමය
පළමුව දේශපාලකයෝ පුනරුත්ථාපන කළ යුතුයි.
මේ නීතිවිරෝධී ක්‍රියාවේ රනිල් වික්‍රමසිංහ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියෙක් නම් ගෙදර යා යුතුයි. නමුත් අපි දැන් ඔහු, ඔහු කිසි විටෙකත් ඉවත්ව නොයන්නෙමු!
ඔබේ පුනරුත්ථාපන පනත අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
පාර්ලිමේන්තුවේ ඉන්න අය ඉස්කෝලේ අරින්න පනතක් ගේන්න.
බේබිලා සහ එතනොල් මුදලාලිලා වගේම බැංකු හොරු රට පාලනය කරනකොට නීතිය නීතියක් ලෙස ක්‍රියාත්මක වූයේ නම් අද ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය උදා නොවන්නට ඉඩ තිබුණි. නීතිය දේශපාලන බලයට යටත් නොවීම රටේ වාසනාවකි.