(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දේශපාලන දැඩි මතධාරීන් පුනරුත්ථාපනය කළ යුතු බව ආණ්ඩුවේ උවමනාව යැයි සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආණ්ඩුවේ ඇමතිවරුන් දක්වන අදහස් වලින් පෙනෙන්නට තිබෙන්නේ එය බවද මන්ත්‍රීවරයා කීය.

පුනරුත්ථාපන පනතේ  සම්පූර්ණ  කෙටුම්පත ව්‍යවස්ථා විරෝධී බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී ඇතැයි ද එවැනි තීන්දුවක් මීට පෙර ලැබී නැතැයි ද හකීම් මහතා  කීය.