
(රොමේෂ් මධුෂංක)
යාපනය පන්නනෙයි වටරවුමේ ඉදිකෙරුනු නාගභූෂණී අම්මාන් දේව ප්‍රතිමාව ඉවත්කිරීම සම්බන්ධ නඩුව මැයි 04 දක්වා කල්දැමීමට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය පියවර ගත්තේය.
නාගභූෂණී අම්මාන් දේව ප්‍රතිමාව ඉවත්කිරීම පිළිබඳව යාපනය පොලීසිය ගොනුකොට තිබූ නඩුව අද දින විභාගයට ගත් අවස්ථාවට අදාල ප්‍රතිමාව ඉවත්කිරීමට විරෝධය පාමින් යාපනයේ හින්දු සංවිධාන 30 කට අධික ප්‍රමාණයක පූජකවරුන් සහ එම පිරිස් වෙනුවෙන් ජනාධිපති නීතීඥ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුලු පිරිසක් නඩුවිභගයට සහභාගී වූහ.
අදාල ප්‍රතිමාව නඩත්තුව සහ කිසිදු සංහිදියාවට බාධාවක් නොවන බව කරුණු දැක් වූ නීතීඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කෙරුනු අතර පොලීසිය ඉදිරිපත් කර ඇති කරුනු පිළිගත නොහැකි බවටද අධිකරණයට දැනුම්දෙනු ලැබීය.
එමෙන්ම පොලීසිය අදාල දේව ප්‍රතිමාව මගින් නයිනතිව් වෙත පැමිණෙන ජනතාව අතර යම් මහජන සාමායට බාධාවීමක් සංහිදියාවට බාධාවක් වන බවත් තවත රථවාහාන ධාවනයටද ප්‍රතිමාව මගින් බාධාවන් එල්ලවන බවට අධිකරණයට කරුණු දැක්වීය.
අනතුරුව වැඩිදුර නඩුවිභාගය සඳහා නඩුව මැයිමස 04 වනදාට කල්තැබුනු අතර නඩුවිභාගය පැවත්වූ යාපනය අධිකරණය අවට ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවකද් සපයා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට පිස්සු .මුන් තමයි රට විනාශ කරන්නේ .කාලකන්නි
මොනවද මේ පොලීසියේ වැඩ?
සුමන්තිරන්ට ඊළඟ ඡන්දෙන් ඇතුලට එන්න චාන්ස් එකක් දෙන්න පොලිසිය එකතුවෙලා කරපු ගේමක් ද කියලා හිතෙන්නේ මට විතරද? ආගම, ජාතිය, අල්ලාගෙන පාලකයා කරපු නාටක වලින් අවසානයේ දෙමළ කොල්ලෝ /සිංහල කොල්ලෝ/මුස්ලිම් කොල්ලෝ ලක්ෂ ගාණක් මේ රටට අහිමි වුණා. තවත් ඒක පස්සෙම යන අයට. ඒකම කරන කාලකන්නි පාලකයින්ට මොනවා කියන්නද මන්දා...? මේ පාලක පැලැන්තිය මේ රටෙන් පන්නන කල් මේ රට ගොඩඑනවා බොරු...!
මේ අයටත් මොකක් හරි මඟුලක් කරලා පැටලෙන්නමයි ඕනෑ...
බහුතර දමිල මිනිසුන් සිටින ප්‍රදේශයක මෙම දේව පිළිමය තැන්පත් කිරීම ප්‍රශ්නයක් නම් තව මොන කතාද?මෙවැනි සිදුවීම් තුලින් සාමය බලාපොරොත්තු විය හැකිද ?
මේක මාර වැඩක්නේ... එක එක අයට ඕන විදිහට මහපාරේ පිළිම තියාගෙන ගියොත් හොඳට හිටියි.