IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පන්නිපටිය ධර්මපාල ආදි ශිෂ්‍යයෝ ඩුබායි ක්‍රිකට් තරගය ජය ලබති

(යොහාන් භාසුර)

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වෙසෙන පන්නිපටිය ධර්මපාල විදුහලේ සහ මාතර රාහුල විදුහලේ ආදි සිසුන් අතර දෙවැනි වාර්ෂික විස්සයි20 තරගයෙන් ධර්මපාල විදුහලේ ආදි සිසුවෝ කඩුලු 9 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ධර්මපාල විදුහලේ ආදි සිසුවෝ පැවැති තරග දෙකම ජය ලැබීමට සමත් වීම කැපී පෙනුණි. මෙම තරගය පසුගියදා සාජාහි ඉංග්‍රීසි පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙහිදී ධර්මපාල විදුහල වෙනුවෙන් දක්‍ෂ දැක්වූ ශාලුක කඳනාරච්චි පන්දු 26 කින් ලකුණු 54 ක් රැස්කළ අතර යොහාන් ධනුෂ්ක ලකුණු 10 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.

ධර්මපාල විදුහල් ආදි ශිෂ්‍ය කණ්ඩායමේ යොහාන් ධනුෂ්ක තරගයේ වීරයා ලෙස ද, ශාලුක කඳනාරච්චි දක්‍ෂතම පිතිකරු ලෙස ද, රාහුල විදුහලේ චතුර පලිහක්කාර දක්‍ෂතම පන්දු යවන්නා ලෙස ද, සම්මාන ලැබූහ.

රාහුල විදුහල් ආදි ශිෂ්‍ය කණ්ඩායම ඕවර 18.4 කදී 109 (චතුර පලිහක්කාර 34, මනෝජ් ඔෂඳ 15, චතුම් දිනාල් 12, යොහාන් ධනුෂ්ක 10/4, මිලින්ද මාධව 13/2) ධර්මපාල විදුහල් ආදි ශිෂ්‍ය කණ්ඩායම ඕවර 15 කදී කඩුලු 1 ට 110 (ශාලුක කඳනාරච්චි 54, පන්චන රහල් 16, රවීන්ද්‍ර ගුණරත්න 12, සමන් කුමාර 25/1)

 



අදහස් (1)

පන්නිපටිය ධර්මපාල ආදි ශිෂ්‍යයෝ ඩුබායි ක්‍රිකට් තරගය ජය ලබති

විපරමා Thursday, 18 May 2023 05:03 PM

අපේ රටේ නම් මෙළහකටත් ඇන කොටාගෙන. තරගයක් උනාම ජය පරාජය කියන එක පොදුයි .ඒකවත් නොදැන ගහ මරාගන්න උනුත් ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site