(මනෝප්‍රිය ගුණසේකර)

සුදු පොළක් වැටලීමකදී අත්අඩංගුවට ගත් ජංගම දුරකථනය යළි ලබා දීමට රුපියල් 5000/- ක අල්ලසක්  ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරු වූ අහුංගල්ල පොලිසියේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයකුට වසර 20 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා රුපියල් 20,000/-ක දඩයකටද ඔහු යටත් කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් අදාළ දඬුවම නියම කළ විනිසුරුවරයා මීට වසර 07කට ඉහතදී ලබාගත් රුපියල 5000/-ක අල්ලස් මුදල දඩයක් වශයෙන් අයකර ගැනීමටද වැඩිදුරටත් නියම කළේය.

චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ අහුන්ගල්ල පොලිසියට අනුයුක්තව උප පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කළ කේ. පී. කුමාර නමැත්තාට.

2015 වසරේ අහුන්ගල්ල ප්‍රදේශයේදී සුදු පලක් වටලා අත්අඩංගුවට ගත් ජංගම දුරකථනයක් මුදාහැරීමට සහ එහිදී අල්ලා ගත් පුද්ගලයින්ට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 10,000/- ක් ඉල්ලා රුපියල් 5000/-ක් ලබා ගත් බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විින් චෝදනා නඟා තිබිණ.