IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පානදුරේ වඳුරට නිවන් සැප ලැබේවා

 

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

මෙරට විදුලි බල පද්ධතියේ දුර්වලතාවය තේරුම් ගැනීමට හැකියාව ලැබුණේ පානදුරේ වඳුරාට පින් සිද්ධ වෙන්න යැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"පද්ධතියේ දුර්වලතාවය පෙන්වා දුන් ඒ වඳුරට නිවන් සැප ලැබෙන්නන ඕන. අපේ විදුලි බල පද්ධතියේ තිබූ දුර්වලතාවය ඒ වඳුරා ජීවිත පරිත්‍යාගයෙන් පෙන්වා දුන්නා.

රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා සිය ගණනක් පමණ සුළං සහ සූර්ය විදුලිය නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙනවා.ලෝකයේ අනාගත බල ශක්තිය වන්නේ හයිඩ්‍රජන්. ලංකාවේ ග්‍රීන් හයිඩ්‍රජන් දියුණු කිරීම සඳහා කැපවන බවට අප පැවසුවා.නමුත් අයවැයේ ඒ සම්බන්ධයෙන් කිසිම යෝජනාවක් නැහැ යැයි මන්ත්‍රීවරයා කීය.



අදහස් (8)

පානදුරේ වඳුරට නිවන් සැප ලැබේවා

Janii Monday, 03 March 2025 01:20 PM

පානදුරේ වදුරා ගැන බණ්ඩාරගම බූරුවෙක් අදහස් දක්වලා

:       6       15

Mahajanathawa Monday, 03 March 2025 01:26 PM

විපක්ෂයක් ලෙස ඔබ රජයට පහර දීමට නව ක්‍රම සෙවිය යුතුය, ඔබ කතා කරන ආකාරය සහ පාර්ලිමේන්තුවේ ඔබ හැසිරෙන ආකාරය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔබ තේරී පත් නොවන බව පෙන්නුම් කරයි.

:       6       11

අරවින්ද මොණරවිල Monday, 03 March 2025 02:10 PM

මෙයා දන්නේ නැහැ 2016 ඉදලා වරින් වර රටේ විදුලිය බිද වැටුණු බව, එතකොට මෙයාලාගේ ප්‍රථම රාජකාරීය වෙලා තිබුනේ අර්ජුන ඇලෝසියස්ගෙන් ගත්ත සල්ලී වලට හිලව් කෝප් කමිටු වාර්තාව ෆුට් නෝට් ඇතුල් කරන එකනේ.මට මතක හැටියට මිනිහා ඒ කාලයේ විදුලිය බල රාජ්‍ය ඇමැත්තද කොහෙද !

:       9       10

pakeer Monday, 03 March 2025 02:13 PM

විදුලි බල මණ්ඩලේ ඒකාධිකාරීත්වය නවත්වමු .ඉන් පසු සූර්ය ශක්තිය වැඩි වැඩියෙන් යොදා ගනු .අපිට විදුලි බලය අපටම නිපදවාගන්න පුළුවන් දවස වැඩි ඈතක නොවේ

:       2       12

charith Monday, 03 March 2025 02:17 PM

බලයේ ඉන්න කාලෙ දැන් තේරෙන දේවල් නොතේරෙන එක තමයි අපේ දේශපාලකයන්ට තියෙන එකම අඩු පාඩුව. මොකක් හරි වැඩපිලිවෙලක් යොදන්න ඕන ඔන්න ඕක බලය තියෙන කොටත් ඕය දේවල් තේරුම් ගන්න හෑකියාව එන්න.....

:       5       17

ලූට මූස් Monday, 03 March 2025 05:30 PM

විපක්ෂයේ වදුරැ රැළට නං ‘නිවං’ සැපම තමා, ආයෙ පත්තු නොවෙන්නම!

:       0       1

anyagamikya Monday, 03 March 2025 06:47 PM

දහම නොදත් බෞද්ධයෙක්

:       2       1

සාලිය Tuesday, 04 March 2025 07:52 AM

බණ්ඩාරගම වලවුවේ හාමු ඇස් ලොකු කරලා තද කරලා පච කීවට මිනිස්සු ඇන්දෙන්නේ නෑ.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site