(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම් )
පානදුර දුම්රිය ස්ථානයේ දුම්රිය සේවකයින් සහ තවත් පිරිසක් අතර අද ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් දුම්රිය ස්ථානාධිපති (මෙහෙයුම්), දුම්රිය සේවකයකු සහ තවත් පුද්ගලයකු රෝහල් ගතකර ඇති බව පානදුර රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
දුම්රිය සේවකයින්ට පහරදීම සම්බන්දයෙන් පිය පුතු දෙපලක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පුත්‍රයා පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර සාගර මාවතේ පදිංචි 50 හැව්රිදි පුද්ගලයකු සහ 23 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ ඇතිවූ කතාබහක් මුල්කර ගනිමින් දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බව සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම අත ගාලා බැහැ... තව හොඳට රිදෙන්න ගහන්න ඕනෑ.. ඒ පිය පුතු දෙපළට මාගේ ගෞරවනීය ප්‍රණාමය...!