
(සුමිත් පොතුපිටිය)
නිවෙස් කාරා යාමට දුම්රියක් නොමැතිවීම නිසා කලබල වූ මගීන් පිරිසක් පානදුර දුම්රිය ස්ථානාධිපති මෙහෙයුම් කාර්යාලයට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
මෙම ප්‍රහාරයෙන් දුම්රිය ස්ථානාධිපති කාර්යාලායට දැඩි අලභ හානි සිදුව ඇති අතර කිසිවකුටත් අනතුරක් වී නොමැත.
මගීන් සුළු පිරිසක් ගමන්ගත් සීඝ්‍රගාමී දුම්රියන් දෙකක් මාතර සහ ගාල්ල බලා ධාවනය වී ඇති අතර , එම දුම්රියන් පානදුර දුම්රිය ස්ථානයේ නැවැත්වීමට කටයුතු නොකරන්නේ මන්දැයි මගීන් පිරිසක් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමෙන් අනතුරුව එය උණුසුම් කතබහක් දක්වා වර්ධනය වී උරණවූ මගීන් ආවේගශීලිව ස්ථානාධිපතිවරයාගේ කාමරයට කඩා වැදී ඇතැයි පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd