(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර උතුර පොලිසියෙන් මීට මාස කිහිපයකට පෙර අතුරුදන්ව තිබු ටී -56 වර්ගයේ ගිවි අවි දෙක අකුරැස්සෙන් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙම ගිනි අවි දෙක සමග පානදුර යුද හමදා කදවුරේ සෙබළු දෙදෙනකු සමග පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් 5 වැනි දින අකුරැස්ස පොලිසියේ යතුරුපැදි සංචාරයේ නිරත පොලිස් යතුරු පැදියක ගමන්ගත් පොලිස් නිලධාරින් දෙදෙනකුට එල්ල කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණයේදි අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් හෙළි වු තොරතුරු අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
පාස්කු ප්‍රහාරයෙන් පසු රාජකාරියට ගිය හමුදා සෙබළෙකු විසින් පානදුර උතුර පොලිසියේදී මෙම ගිනි දෙක සොරාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදා සෙබලා ආයුධ ගබඩාවට ගියේ කොහොමද? පොලිසිය ඇතුලේ කිසිම කෙනෙක් හිටියේ නැද්ද? දන්නා තරමින් නම් ආයුධ ගබඩා කරන්න ක්‍රමවේදයන් සකස් කරලා තියෙන්නේ අද ඊයේ නොවේ. රජ කාලේ ඉඳලා. ඇතුලෙත් උදව් තියෙන්න ඇති.
මොකුත් කියන්න එපා රණවිරුවෝ...
හමුදාවේ වංචනික සුළු පිරිසක් කරන මෙවැනි වැඩ නිසා පිරිහෙන්නේ සමස්ත හමුදා පද්ධතියයි. මෙවන් සමහර හමුදා වෙස්ගත් අමනයින් නිසා අප මුළු හමුදාවටම ගැරහීම මහා අසාධාරණයක්. පාතාලය හා සම්බන්ධ මෙවන් අයට නිසි දඬුවම් දිය යුතුයි. එමෙන්ම හමුදාවෙන් පැන පාතාලය හා සම්බන්ධ දාමරිකයන්ව සුක්ෂම අයුරින් අල්ලා ගැනීම නොපමාව සිදුවිය යුතුයි. එය සියලු හමුදා ප්‍රධානීන්ගේ වගකීමයි.