(අංජුල මහික වීරරත්න)
ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කරන තෙක් මෙම වසරට පමණක් අක්කර බදු කිරීමට තීරණය කළ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
අක්කර බදු අය කිරීම අත්හිටුවන බව රජය තීරණය කර තිබිණි.
නමුත් ඒ සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කළ යුතුව ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
මේ වනවිට ගොවිජන සංවර්ධන පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමටත්, ගොවි ජනතාවගේ යහපත උදෙසා නව කරුණු ඇතූළත් කිරීමත් සිදු කෙරෙන බැවින් අක්කර බදු අය කිරීම මෙම වසර සඳහා පමණක් සිදු කිරීමට කටයුතු කරන බව ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි .
අක්කර බදු වශයෙන් රජය දැනට අය කරන මුදල අක්කරයකට රුපියල් 100කි. මෙමගින් වසරකට ලැබෙන ආදායම රුපියල් බිලියනයක් වුවද එම බදු අය කිරීමේ කාර්ය සඳහා ද විශාල මුදලක් වැය වන බව රජය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අක්කර බදු අය නොකර ඉන්න ගන්න තීරනය නම් නරකම නැහැ. මේ කාලයේ ඇත්තටම හැමෝටම අමාරු කාලයක්. මිනිස්සුන්ට හතර අතින් බදු බර දැනෙද්දී රජයටත් වෙන කල්යුතු දෙයක්ම නැහැ. ටික කාලෙකට මිනිස්සු මේ පහසුතාවය උහුලාගෙන ඉන්නම වෙනවා. කොහොමත් අක්කර බද්ධ මිනිස්සුන්ට ඎජුවම දැනෙන දෙයක්. අනෙකුත් බදු වලින් යම් තරමකින් හෝ සහනයක් ලබා ගත හැකි වන්නේ තමන්ගේ ජීවන ක්‍රමය යම් ප්‍රමාණයකින් වෙනස් කර ගැනීමෙන්. එහෙත් අක්කර බද්ධ සමස්ත ඉඩම් හිමියන් හෝ බුක්ති කරුවන් ඎජුවම ගෙවිය යුතු බද්ධක් නිසා පැහැර හැරීමේ ප්‍රතිශතය ඉතාම අඩුයි. එම නිසා මේ අක්කර බද්ධ අහෝසි කිරීමෙන් මිනිසුන්ට ඎජු වාසියක් හිමිවෙන බව මගේ හැඟීමයි. එක් අතකින් අක්කර බාගයක් වැනි සුළු කොටසකට මුදලක් අය කරන අවස්ථාවක අය කිරීමේ පිරිවැය එම මුදල හා සමාන වීම තුලින් එම මුදල අය කරනවාට වඩා අය නොකර සිටීම වාසි දායක වනු ඇත. එම නිසා සුළු ඉඩම් කොටස් ඉවත් කර එකතු කිරීමේ පිරිවැයත් සමග ලාභදායි ඉඩම් ප්‍රමානයක් නිශ්චය කර එම ඉඩම් ප්‍රමාණයට අක්කර බදු අයකිරීම තුලින් රජයටත් වාසිදායක වනවා මෙන්ම සුලු ආදායම් ලබන දුප්පත් මිනිසුන්ට සහනයක් ලැබෙන අතරින් බදු පැහැර හරිමින පොහොසතුන්ට පාඩම්කි