
(නිමල කොඩිතුවක්කු)
පැන්ඩෝරා වංචනිකයින් පිලිබදව විමර්ශනයට ආණ්ඩුව වහාම විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ඊට අමතරව සියලු බලතල සහිත විශේෂ විමර්ශන කමිටුවක් හරහා අදාල හෙළිදරව් කිරීම පිළිබඳව විනිවිද පෙනෙන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා සිය නිවේදනය මගින් සදහන් කළේය.
"අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහස් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන පැන්ඩෝරා පත්‍රිකා හරහා ලංකාවේ චරිත කිහිපයක් සම්බන්ධයෙන් නම් අනාවරණය වී තිබේ.මෙය අතිශය බරපතළ තත්ත්වයකි.එහෙත්, පැනඩෝරා හෙළිදරව් කිරීම් හරහා මෙරට පුද්ගලයින්ගේ නම් කරලියට ඒම පිළිබඳව තවමත් ශ්‍රී ලංකාව නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කොට ඇති අතර මේ බරපතළ හෙලිදරව්ව පිළිබඳව ආණ්ඩුවේ වගකිවයුත්තන්ගේ නිද්‍රාශීලී පිලිවෙත අතිශය කනගාටුදායකය.
පැන්ඩෝරා අනාවරණයන් සමඟම බොහෝ රටවල් ඒ සම්බන්ධයෙන් ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමට තීන්දු කොට ඇති අතර අසල්වැසි ඉන්දියාවත් පාකිස්ථානයත් තම රටවල සිදුව ඇති සිදුවීම් පිළිබඳව වහාම පරීක්ෂණ පැවැත්වීම ද තීන්දු කොට තිබේ.
අද වනවිට අතිශය ඛේදනීය තත්ත්වයක් උද්ගතව ඇති රටක් තුළ කෝටි ප්‍රකෝටි ගණන් අයථා ලෙස මුදල් ඉපැයූ සහ මූල්‍ය වංචනිකතාවයන්ට හසුවුණු පිරිස් පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් මෙවැනි හෙළිදරව් කිරීම් සිදුවන විට ඒවා දෙස නෑසූ කන් ව බලා සිටිය හැක්කේ එවැනි වංචාවන්ට සම්බන්ධ වූවන්ට සහ එවැනි කටයුතුවලට අනුබල දෙන්නන්ට පමණි.
එබැවින් ආණ්ඩුව වහාම මේ වංචනිකයින් පිළිබඳව ඇත්ත රටට හෙලිදරව් කළ යුතු අතර එහි සත්‍ය හෙළිදරව්වන තුරු සමගි ජන බලවේගය කොන්දේසි විරහිතව මේ රටේ පොදු ජනතාව සමග එක්ව නොනවතින අරගලයක් සිදුකරන බවද අවධාරණය කරමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය අත්‍යවශ්‍යයි! පකිස්ථානු අගමැතිගේ කඩිනම් ක්‍රියාමාර්ගය බලන්න! අපි ලැජ්ජා විය යුතුයි!
තවත් කීප දෙනෙකුට ගාණක් හම්බ කරන්න චාන්ස් එකක්
බොහොම හොඳයි .එතකොට මහ බැංකුව වංචනිකව කොල්ල කාපු උන් හොයන්නේ මොන කමිටුවද ?ත්‍රස්තයින්ට හමුදාවේ තුවක්කු, කාලතුවක්කු, බිම් බෝම්බ දුන්න එක ගැන කොයි කමිටුවද බලන්නේ .පල යකෝ යන්න තොපි වගේ හොරු තමා අපේ රට කෑවේ .
මෙයාට ඕවා කියා කියා ඉන්නවා ඇරෙන්න වෙන පලකට ඇති දෙයක් කරන්න ඔලුවට එන්නෙම නැති හැටි.
අනේ මල්ලිලා කලබල වෙන්න එපා. මම මේ රඟන්නේ මං තරම් රටට ආදරේ ඇති අවන්කයෙන් නැති බව පෙන්නන්න.
හොඳ දෙයක්...... ඒ වාගේම ඊට එහා අතීතයට ගොස් නැති බැරි අය මෙතරම් ඇති හැකි වූයේ කෙසේද කියාත් සොයා බලන්න. ව්‍යාජ මුදල් සිද්ධියක් අතටම අසු වුනා. ඒ වංචාවට නීතියෙන් කිසි දෙයක් සිදු වූයේ නැහැ.
ඒක හොදයි . ඒ වගේම නිදන් හොරු , හොර සල්ලි අච්චු ගහපු අය ගැනත් හොයන්න , තේරීම් කාරක සභාවක් පත් කලානම් හොදයි .
බය නැතුව කාරක සැබෑවක් දමන්න. ඉසේල්ලාම වංචාව කියන එක අර්ථ දක්වන්න කියන්න. කාරක සබාවේ මිනිස්සු අර්ථ දැක්කුවොත් අර්ථ කාරසබාවේ සාමාජිකයෝ ගානට අර්ථ දෙවි.
මේ රටේ නිදන් හාරපුවා, ඒ වගේම පුරාවිද්‍යා වනසලා ගෙවල් හදපුවා, ඒ වගේම මහා භාරකාර අරමුදල් පරිහරනය මේවත් සොයා බැලිය යුතුයි..