
(විමුක්ති එස් රුද්‍රිගු)
පිරිමි පෙන්ගුයින් සත්වයකු තම කාන්තා පෙන්ගුයින් සත්වයකට පෙම්වතිය ලෙස යෝජනා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳ ලෝකයේම අවධානය යොමුව තිබේ.
ඔහු තම පෙම්වතියට සරල නමුත් අර්ථාන්විත ත්‍යාගයක් ලබා දෙමින් යෝජනාව කර ඇත.
විශාල නරඹන්නන් පිරිසක් බලා සිටියදී පිරිමි පෙන්ගුයින් සත්වයා සිය බිරිඳ වීමට ගැහැණු පෙන්ගුයින් සත්වයාට ආරාධනා කරමින් කුඩා රවුම් ගලක් හොටින් ගෙන ගොස් ඇයට පිරිනමා තිබේ.
පෙන්ගුයින් සත්වයින් කූඩු තැනීමට ගල් යොදා ගන්නා බැවින් පෙන්ගුයින් ලෝකයේදී එම ත්‍යාගය ඉතාමත් අර්ථාන්විත ත්‍යාගයක් බව සත්ව විද්‍යාඥයන් ප්‍රකාශ කළේය.
එසේම පෙන්ගුයින් ලෝකයේදී සම්බන්ධයක් පටන් ගැනීමට ආරාධනා කරන විට කුඩා රවුම් ගලක් ගැහැණු සත්වයාට පිරිනැමීම සම්ප්‍රදාය බවද සත්ව විද්‍යාඥයන් පැවැසුවේය.
එම වීඩියෝවට කැමැත්ත පළ කර බොහෝ අය නගා ඇති ප්‍රශ්නයක් වී තිබුනේ ගැහැණු පෙන්ගුයින් සත්වයා එම යෝජනාවට දුන් පිළිතුර කුමක්ද යන්නයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ඩයනාව සෙට් කරමු..