IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පානගමුවේ කුකුල්ලු මැති සබයට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රජය අඩු ආදායම්ලාභීන් සඳහා බෙදා දෙන ලද සහල් කෑ පානගමුවේ කුකුළන් හත් දෙනකු මිය යාමේ සිද්ධිය පිළිබඳව දැනුවත් දැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර්  රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද (14) විමසීය.

රජය අඩු ආදායම් ලාභීන් සඳහා  දුන් සහල් වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ද ප්‍රශ්න ඇතිවූ බව කී රහුමාන් මහතා  පානගමුවේ ගම්වැසියෙක්ගේ කුකුළන් හත් දෙනකුද මෙම සහල් කෑමෙන් පසු මිය ගොස් ඇතැයි මාධ්‍යයේ පළවී තිබෙන බව කීය.

මහජන සෞඛ්‍ය නිලධාරීන්ටත් මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි ද ඒ ගැන යම් දැනුවත් වීමක් තිබේදැයි දැනගන්න සතුටු බවත් රහුමාන් මහතා පැවසීය.

සභානායක අධ්‍යාපන අමාත්‍ය සුසිල්  ප්‍රේමජයන්ත මහතා කීවෙි ඒ කාරණය විෂය බාර අමාත්‍යංශයට යොමු කොට පිළිතුරක් ලබා දෙන බවයි.ක්ෂණිකව පිළිතුරක් ලබා දෙන්නට නොහැකි බවද සභානායකවරයා කීය.



අදහස් (6)

පානගමුවේ කුකුල්ලු මැති සබයට

Chandananda Tuesday, 14 May 2024 12:30 PM

සහල් දුන්නෙ

:       1       4

මහසෙන් Tuesday, 14 May 2024 01:14 PM

ඔය කියන හාල් වලින් පිසූ බත් දියවන්නාවේ සෙට් එකට කවන්න බැරි ද?

:       2       13

Kule Tuesday, 14 May 2024 01:27 PM

හරක් ඕවා කන්නේ නැහැ

:       1       11

fairoos Tuesday, 14 May 2024 02:13 PM

රනිල් රාජපක්ෂට නම් හොඳක් සිද්ධ වෙන්නේ නෑ...

:       8       10

උපාලි Tuesday, 14 May 2024 07:36 PM

හාල් අරගෙන කාලා ඔහොම කිව්වම උඩ බලාගෙන කෙල ගැහුවා වගේ වෙනවා ෆයිරූස්.

:       3       0

Lalla Wednesday, 15 May 2024 07:40 AM

කිසිම කෙනෙකුට කිසිම දෙයක් නිකම් දෙන්න එපා කියල තේරෙනව නේද? දෙනදේ භාවිතය නොහැකිනම් නොගෙන ඉන්න ඕන... නිකමුන් බෝකිරීම නැවතිය යුතුයි... රටට ලොකුම බර නිකමුන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site