(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු )

තිරිඟු පිටි නිෂ්පාදනය කරන මෙරට සමාගම් දෙක තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 250ක් දක්වා අඩු කළොත් පාන් ගෙඩියක මිල රුපියල් 20 කින් අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.

ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 290 සිට 265 දක්වා අඩු කළ ද කිසිසේත් පාන් ,බනිස් මිල අඩු කළ  නොහැකි බවද ඔහු  කීය.

ඉතාමත් පහසුවෙන්  පිටි කිලෝවක් රුපියල් 250කට ලබා දිය හැකිව තිබිය දී සමාගම් දෙක පිටි මිල වැඩි කිරීම ඉතා අසාධාරණ මෙන්ම සමස්ත බේකරි හිමියන් සහ පාරිභෝගිකයන් ද පීඩාවට පත් කිරීමක් බවද ජයවර්ධන මහතා  පැවසීය.

මේ අතර තිරිඟු පිටි මිල රුපියල් 250 දක්වා අඩු කිරීමට රාජ්‍ය මැදිහත්වීම අනිවාර්යෙන්ම අවශ්‍ය බවත් තිරිඟු පිටි කිලෝව රුපියල් 320 සහ 285 වශයෙන් අලෙවි කරමින් සමාගම් දෙක අධික  ලාභ  ලබන බව ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය