(නිමල කොඩිතුවක්කු)
තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 13 කින් ඉහල දමා ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව අවම මිළකට පවතින තිරිඟු පිටි කිලෝව රුපියල් 270 සිට 283 දක්වා මිලකට අලෙවි වන බව ජයවර්ධන මහතා පැවසීය.
කෙසේ වෙතත් පාන් ඇතුලු බේකරි නිශ්පාදන, ඇතුලු ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බවත් ඔහු පැවසීය.
තිරිඟු පිටි මිළ අඩු කරන බවට වෙළඳ අමාත්‍යවරයා දුන් පොරොන්දුව ඉටු කරන තෙක් බලා සිටින බවත් ජයවර්ධන මහතා තවදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා පිස්සු හැදෙන සඳ...! අඩු කරනවා කියලා වැඩි කරලා ඊට පස්සේ පරණ ගාණටම අඩුකළාම කාටද ආඩම්බර?
එතෝට පාං පිටි අද මිල රුපියල් 283/= ද?