(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාන් පිටි කිලෝවක මිල එන සතියේදී රුපියල් 250 දක්වා අඩු කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පාන් පිටි කන්ටේනර් සියයක් පමණ කොළඹ වරායට පැමිණ ඇති බවත් ඒවා ගොඩබෑම මේ වනවිට ආරම්භවී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පාන්පිටි සම්බන්ධයෙන් අද විශාල ගැටළුවක් පවතින බව තමා පිළිගන්නේ යැයි සඳහන් කළ නලින් ප්‍රනාන්දු මහතා ප්‍රශ්නය ඇතිවුණේ පාන් පිටි නිෂ්පාදනය කරන මෙරට ප්‍රධාන සමාගම් දෙකට ඩොලර් නොමැතිකම හේතුවෙන් තිරිඟු ඇට ප්‍රමාණවත් පරිදි ගෙන්වා ගැනීමට නොහැකිවීම නිසා බවද ප්‍රකාශ කළේය.
ඊට පසු ඉන්දියාවෙන් තිරිඟු පිටි අපනයනය තහනම් කෙරුණු බවත් ගෙන්වීමේ ප්‍රමාදය නිසා පාන් පිටි මිල ඉහළ ගිය බවත් ඔහු කීවේය.
ප්‍රශ්නය යොමු කරමින් අදහස් දැක්වූ රෝහණ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ පැකට් කළ පාන් පිටි මිල රුපියල් 450 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොකක් අඩු කළත් බේකරිකාරයොයි, කඩකාරයොයි ජනතාව හූරන් කන එක නවතන්නේ නෑ. බත් පැකට් එක, පාන් ගෙඩිය අඩු කරන්නෙත් නෑ...!
අත්හැරීම තුළින් ජයලබමු.