(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ප්‍රධාන සමාගම් දෙකට අතිරේක ලාභයක් ලබාගත නොහැකි වන පරිදි පාන් පිටි කිලෝවක විකුණුම් මිල රුපියල් 198 ක් ලෙස නිවේදනය කරන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මේ අතර සිමෙන්ති කොට්ටයක ගොඩබාන මිල සහ විකුණුම් මිල අතර පරතරය රුපියල් 700කට ආසන්න බැවින් මෙම අයථා ලාභය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙසද කමිටුව නියෝග කළේය.
රජයේ ආදායම වැඩිකරගැනීම සදහා මුදල් අමාත්‍යාංශය කරන බදු වැඩිකිරීම් ඉන් ඇතිවන සමාජ බලපෑම පිළිබද නිසි ඇගයීමක් නොකර සිදුකිරීම ලොකු ගැටලුවක් බව කමිටුව පෙන්වා දුන්නේය.
රජයේ මුදල් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව එහි වැඩබලන සභාපති මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 15 වැනිදා රැස්විය. මෙම තීරණ ගැනුණේ එම රැස්වීමේදීය.
පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට නියමිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2023. 06.14 ප්‍රකාශයට පත්කරන ලද අංක 2336/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ඇති රෙගුලාසි පිළිබඳවද මෙහිදි අවධානය යොමුවිය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පාන් පිටි ගැන මුදල් කමිටුවෙන් නියෝගයක්