IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිටින්නැයි පොලිස්පතිට නියෝග

(නිමන්ති රණසිංහ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  හිටපු උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාට වැටුප් ගෙවන ලෙසට නියම කළ අධිකරණ නියෝගය කඩ කරමින්  අධිකරණයට අපහාස කිරීම  සම්බන්ධයෙන්  කරුණු දැක්වීම  සඳහා ලබන නොවැම්බර් මස 16 වැනිදා  පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් පොලිස්පති සී. ඩී වික්‍රමරත්න  මහතා  ඇතුළු  උසස්  පොලිස් නිලධාරීන් පස්  දෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23)  නියෝගයක් නිකුත් කළේය.

වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා නීතිඥවරුන්  මගින්  ඉදිරිපත් කළ මෝසමකින් කල ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය .

 ප්‍රියන්ත ජයවර්ධන, එස් තුරෙයි රාජා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවිණි.

වැඩ තහනමට ලක්ව සිටින තම සේවාදායකයාට වැටුප් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් මැයි මස 8 වනදා නියෝගයක් නිකුත් කළත් එම නියෝගය මේ දක්වා ක්‍රියාත්මක ගොස් තිබුණු බවට අධිකරණයේදී කරුණු වාර්තා විණි .



අදහස් (0)

පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිටින්නැයි පොලිස්පතිට නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 568 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 724 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 302 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site