
(යොහාන් භාසුර)
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට සහ එමගින් පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතු බලතල ඉවත්කිරීමට විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය කිරිබත්ගොඩ නගරයේදී අද (29) උද්ඝෝෂණයක් පැවැත්වූහ.
එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ යෙදී සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් කාලකණ්නි ඉල්ලීමක්... ලෝකයේ හැම රටකම අවශ්‍ය අයට ඉගෙන ගැනීම සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා. මේ අමන දේශපාලන මතධාරීන් රටකට ඉස්සරහට යන්න දෙන්නේ නෑ. උගතුන් බිහි විය යුත්තේ එකම මාර්ගයකින් නොවෙයි. ඊට මාර්ග කිහිපයක්ම තිබිය යුතුයි...
බැසිල් සර් ආව ගමන් ඔය සටන් ඉවරයි. එතකන් කෑගහපියව්...
අද මහජන බදු මුදලින් නඩත්තුවන විශ්ව විද්‍යාලවලට ඇතුල් වන්නේ උසස් පෙළ සමතුන්ගෙන් 20% අඩු ප්‍රමාණයක්. ඉතින් ඉතිරි 80% වැඩිදුර අධ්‍යාපනය තහනම් දෙයක්ද?
මේ අයට ගහලා එළවන්න එකෙක් නැහැනේ...
ප්‍රමිතියකට අනුව පුද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමෙන් ලංකාවෙන් පිටරටවලට ඇදෙන විදේශ විනිමය ඉතිරිකරන එක ප්‍රධාන හේතුවක්.
පුද්ගලික විශ්ව විද්‍යාල වලට අපිත් කැමති නැහැ. නමුත් වර්තමානය වනවිට කාර්යක්ෂමව අධ්‍යයන කටයුතුවල නිරත වන්නේ ඒවා පමණි. රජයේ ඒවා යන්නේ අයාලේ... ඒවායේ සිසුන් ඇතුළු සියලු දෙනාම ඔනෑකමකින් කටයුතු කරන්නේ නැහැ. අනෙක ඒවායේ සිසුන්ටවත් පාලකයින්ටවත් රජයටවත් කිසිම වුවමනාවක් නැහැ. පාඨමාලා යාවත්කාලීන කරන්න. ඒවා යල් පැනලා. රටට, ලෝකෙටම ගැලපෙන විදියට පාඨමාලා යාවත්කාලීන කරන්න.
ආ මේ පෙරටුගාමීන් නේ. හරි හරි ඕගොල්ලෝ කෑ ගහන්නකෝ. අපේ වැඩ අපිකර ගන්නම්.
තොපේ උද්ඝෝෂණ වලට වඩා ලමයි ඉගෙනගන්න එක වටිනවා. අපේ එකා දැන් අවුරුද්දකට වඩා ගෙදර. පුද්ගලික විශ්ව විද්‍යාලයකට ණය වෙලා හරි යැව්වා නම් ඉක්මනට ඉවර කරලා රැකියාවක් කරන්න තිබුනා. තොපි නාකි වෙනකම් පාරෙ කෑගහල ඊට පස්සෙ ආණ්ඩුවේ රස්සා ඉල්ලා පෙලපාලි පලයව්.
පුද්ගලික විශ්ව විද්‍යාල වලට එන අයව අපිට ගොනාට අන්දවන්න බැහැ. උද්ඝෝෂණවලට ගාල් කරවන්න හෝ තාප්පවල පාප්ප ගාන්න. ඒ නිසා අපි පුද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ධයි.
මේ මානසික අඳ බාලයින්ට ඕනෑ විදිහට රටේ අධ්‍යාපනය වෙනස් කළයුතු නැහැ. පිනට උසස් අධ්‍යාපනය දෙන එක නතර කළයුතු තත්වයකයි දැන් අප පසුවන්නේ... නොමිලේ මේ උද්දච්ඡ උම්මන්තකයින් නොමිලේ පිනට අධ්‍යාපනය ලබනවා මදිවාට, මේ රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතියත් නැති කිරීමටද මේ දඟලන්නේ..?. මම නම් කියන්නේ මේ කැරලිකාරයින්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කළයුතුයි. එහෙම නැතිව මේ රටේ අධ්‍යාපනය ගොඩනගන්න බැහැ.
නිදහස් අධ්‍යාපනයක් කිව්වට වැඩිපුරම තියෙන්නේ පුද්ගලික පාසල්... ඒ මදිවට උගන්වන්නේ පිටරට දේවල්. හැබැයි එක රටකින්වත් වීසා දෙන්න. මෝඩ ජාතියක් අපි...