IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනකට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

දැනට මෙරට ක්‍රියාත්මක වෛද්‍ය පීඨ වල ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අවසර ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

 



අදහස් (16)

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනකට කැබිනට් අනුමැතිය

මැක්ස් Monday, 11 September 2023 10:27 PM

සාමාන්‍ය පුරවැසියන් වන අප දැන් ඉතින් ලෑස්ති විය යුත්තේ අන්තර් සහෝදරවරු, ජවිපෙ, පෙරටු වැනි දේශපාලන විහිළුකරුවන් "නිදහස් අධ්‍යාපනයට අත නොතබනු", "හොර වෙද විදුහල් අකුලා ගනු", "වෛද්‍ය අධ්‍යාපනය මුදලට විකිණීම නවතව්" වැනි පෝස්ටර්, පුවරු ඔසවාගෙන පාරවල් වසාගෙන යන පෙළපාලි නැරඹීමටය. ඔවුන් එළවා දැමීම සඳහා පොලිසිය එල්ල කරන කඳුළු ගෑස්වලින් අපේ ඇස් පුරවා ගැනීමටයි. මාර්ග තදබදය නිසා බස් රථවල දාඩිය මුගුරු පෙරාගෙන ඉන්නටයි. එසේම ඒවා මෙහෙයවන දේශපාලන නායකයින්ගේ දූ දරුවන් විදේශවල ඇති එවැනි පුද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙන ගැනීම් නොදැක්කා වගේ සිටීමටයි... අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ..?

:       0       0

kamal Monday, 11 September 2023 10:34 PM

දැන් ඉතින් අර "වමේ" සෙට් එක මහා පාරේ බෙරිහන් දෙන්න පටන් ගනීවි.

:       0       0

කිරිපුතා Monday, 11 September 2023 11:24 PM

මෙය අත්‍යවශ්‍යම දෙයක් රටට. දැන් දොස්තරලා ටිකයි අරන්තරේ වැද්දෝ ටිකයි රෙදි උස්සගෙන එයි. යන දොස්තර කෙනෙකුට රට යන්න පුලුවන් . රටතුල තව තව ඒ වෘත්තිය ට යන්න මාර්ග බිහි වෙන්න ඕන.

:       6       19

Perera Tuesday, 12 September 2023 01:56 AM

දැන් GOMA එකේ කුහක සෙට් එකයි,රට්ටොයි ,පෙරට්ටොයි ,අන්තරේ සෙට් එකයි එයි රෙදි උස්සාගෙන

:       5       17

Lalla Tuesday, 12 September 2023 06:45 AM

යහපත් කාලීන යෝජනාවක්. දොස්තර ගොල්ල මේකට විරුද්ධ වෙන්න හේතු නෑ.උන්ට යන්න ඕන තැනකට ගියාවේ.... ලපයත් ලමයින්ට පිටරට ඉගැන්වීමට යැව්වේ. ඕනනම් වැද්ද ටිකක් තප්පුලයි...

:       7       17

සල්ලි Tuesday, 12 September 2023 07:17 AM

ඇදන් යට හැංගුණ කබ්බන් නැවත දොරට වඩම්මන මාධ්‍ය සාකච්ඡා ව.

:       4       7

පැරකුම් Tuesday, 12 September 2023 07:28 AM

දැන් බලමු GMOA එක සයිටම් එකට කරපු අපරාධය මේවටත් කරයිද කියල…!

:       4       16

Bamunuarachchi Tuesday, 12 September 2023 08:33 AM

බොහොම හොදයි. තවත් ජල ප්‍රහාරක වාහන කීපෙකුත් ගෙන්වන්න සුදානම් ශරීරෙ කියලා.

:       1       10

Rohana Tuesday, 12 September 2023 08:40 AM

ඔන්න පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධව GMOA දැනටමත් මත ප්‍රකාශ කරනවා.

:       3       12

nimesh Tuesday, 12 September 2023 09:04 AM

අනිවාර්යෙන් විය යුතු දෙයක්

:       6       21

Jayasekara Tuesday, 12 September 2023 09:44 AM

හොඳ තීරනයක්.... කැමති අයට සල්ලි දීල උපාදිය ගන්න පුලුවන්....රට පෙරලන්න පාර දිගේ අවුරුදු ගනන් තපිනවට වඩා මෙහෙම හොදයි.....

:       5       20

Bunny Preena Tuesday, 12 September 2023 10:19 AM

පෘද්ගලික විශ්ව විද්‍යල කිහිපයක අවශ්යතාවය බොහොම තදින් තියෙනව. ළොව පිලිගත් හොනද ප්‍රමිතියකින් යුතුවු විඉශ්ව විද්‍යල කිහිපයකට කොමිස් ඉල්ලන්නෙ නතුව මෙහි ස්තාපනය කරන්ට අවස්තා ලබා දුන්නොත් අපෙ දරුවන්ට හොඳයි.

:       5       27

රනේ Tuesday, 12 September 2023 11:58 AM

බොරදියේ බාන මාලු... ජන්දෙදි බලාගමු.

:       9       2

බද්රානි Tuesday, 12 September 2023 01:34 PM

මතකද..? පහුගිය කාලේ "GOMA" දොස්තර මාෆියාවට රැවටිලා, මේ රටේ ජනතාව මහපාරේ රිලා නැටුම් නටලා එදා තිබුන "සයිටම්" ආයතනය විනාශ කළා. අන්න එවල ප්‍රතිපල තමයි දැන් ඒ අඥාන ජනතාව බුක්ති විඳිමින් සිටින්නේ...ඒ පෞද්ගලික විශ්ව විද්‍යාලයට කල අපරාධයට වචනයකින් හෝ හවුල් උන අයට එහි ප්‍රතිපල මේ වනවිට බුක්ති විඳීමට ලැබී තිබෙනවා. දොස්තරලාට මේ රටේ ඉන්න බැරි තත්වයක් හා රෝගීන්ට අවශ්‍ය වෛද්‍යවරු රෝහල් තුල නොමැති තත්වයක් ඇතිවී තිබෙනවා.. එදා මේ රට තුල වෛද්‍යවරු අධික බව කියා සමාජය නොමග යැව්වා... මුදල් තිබුන දෙමව්පියන් ඔවුන්ගේ දරුවන්ව එංගලන්තය වැනි රටවලට යැව්වා... දැන් ඒ දරුවන් මේ කාලකන්නි අමන කුහක මිනිස්සු ඉන්න රට දිහා හැරිලාවත් බලන්නේ නැහැ. මම නම් කියන්නේ මෙවුන්ට මෙහෙම වෙලා මදි කියලයි.. අනුන්ගේ බොරු බේගල් වලට රැවටිලා මේ රටේ දරුවන්ගේ අනාගතය විනාශකිරීමට දායක වුවන්ට ශාපවේවා!! බෙහෙත් හා වෛද්‍යවරු නැතිව පීඩාවට පත්වේවා!! තව ටිකෙන් අඥාන උඹලා මාෆියා කාරයින්ගේ කීමට රැවටිලා "සුව සැරිය" ගිලන් රථ සේවයත් නැති කර ගන්නයි ගියේ..

:       2       3

චන්දන Tuesday, 12 September 2023 07:03 PM

සමහර ප්‍රතිචාරවලින් පේනවා දොස්තරලා රට හැර දාලා යන එක නිසා මේ කරන වැඩේ හොඳයි කියලා. ඒත් ඒක එහෙම නම් වෙන එකක් නැහැ. සල්ලි තියෙන එකා ඔතන ඉගෙන ගනී. ඒත් ලක්ෂ 2ක වත් පඩියකට එයාලා මෙහෙ ඉන්නේ නැහැ... අනිවාර්යයෙන්ම රට යන සෙට් එකේ ඉදිරියේම එයාලා ඉඳීවි... අනෙක අවසන් අවුරුද්ද බොහෝවිට පිටරට වෙන්න පුළුවන්...

:       0       0

රා. ෂණ්මුගනාදන් Wednesday, 13 September 2023 05:01 AM

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අපේ රටේ ඇති කර හෝ ක් අපි පිට රටට එවන්න සල්ලි ඉතුරු කරන් පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site