(නිමල කොඩිතුවක්කු)
බස් රථ ධාවනයට නිසි පරිදි ඩීසල් නොමැතිවීම හේතුවෙන් හෙට(6) සිට සියලුම පෞද්ගලික බස්රථ ධාවනය සීමා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී පැවසීය.
ඩීසල් හිඟය හේතුවෙන් හෙට(6) සිට බස් රථ ධාවනයෙන් වැලකී සිටීමට තීරණය කළත් නව පාසල් වාරය ආරම්භ වන බැවින් හැකි පරිදි බස් රථ ධාවනය කිරීමට කටයුතු කරන බවත් විජේරත්න මහතා සඳහන් කළේය.
කෙසේවෙතත් බස් රථ ධාවනය හෙට සිට සමස්ථ බස් රථවලින් තුනෙන් එකක් හෙවත් පන්දහසකට පමණ සීමා වනු ඇති බවත් ඔහු පැවසීය.
බස් රථ සඳහා ඩීසල් ලබා ගැනීමට දින ගණන් පෝලිම්වල රැදී සිටීමට සිදුවන බවත් ඔහු පැවසීය.
ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීම සිදුවුවත් එහිදීද අඩුපාඩු පවතින බවත් විජේරත්න මහතා තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙරුවාව රෙද්ද පල්ලෙන් බේරෙයි. බස් දුවන්න ඩීසල් නෑ.
පෝලිමේ ඉඳලා හරි තෙල් ගහ ගත්තම මොකද වෙන්නේ... ආපු හැම ඇමතියම ඉල්ලපු ඉල්ලපු විදිහට බස් ගාස්තු වැඩිකරලා දුන්නනේ... දැන් අවම වශයෙන් පානදුර කොටුව දුවන බස් එකක් මාසෙකට ලක්ෂ 6ට වැඩි ශුද්ධ ලාභයක් ලබනවා කියලා හිටපු දුම් රිය සාමාන්‍යාධිකාරී කියලා තිබුනේ... අවම ගාස්තුව කෝටියක් කළත් මේ මනුස්සයා කියන්නේ පාඩුයි. අමාරුයි. අපි දුවන්නේ නෑ... පුදුම තන්හාවක්