(නිමන්ති රණසිංහ)
රුපියල් කෝටි 91ක මුදලක් වංචා කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මහරගම පෞද්ගලික බැංකුවක අධ්‍යක්ෂකවරයෙකු ලබන 8 වෙනිදා වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගතකිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මහරගම වත්තේගෙදර පදිංචි ප්‍රියංක කුමාර (44) නැමැති නැමති අයෙකි.
මෙම සැකකරු 2017, 2018 යන වර්ෂවලදී දිවයින පුරාම පැවති අදාළ පෞද්ගලික බැංකුවේ ශාඛා මඟින් මෙම මුදල වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
සැකකරු බිබිල ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
අදාල බැංකුවේ තැන්පත් කරුවන් විසින් මෙම මුදල් තැන්පත් කර ඇති අතර ඒවා සැකකරු වංචනික ලෙස ලබාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය සිදු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකු නම මෙහි නොතිබුණත් පුද්ගලයාගේ නම එහි තිබීම ගැන මම පුදුම වෙමි.
හොද වැඩ්ඩෙක් වගේ .දුෂිත දේෂපාලුවන් ආදර්ෂයට අරන්ද දන්නේ නැ.
දේශපාලනයේ වගේම මාධ්‍යත් එය මේ ලංකාවේ ස්වභාවය
මේක බැංකුවක් නෙවෙයි සමිතියක්
ඔහුගේ දෙමව්පියන්ට, මාතෘ භූමියට සහ තමන්ගේ රැකියාවට ගරු නොකරන මිනිසුන් වෙනුවෙන් මේ පොළොවේ ජීවත් වීමට වලංගු හේතුවක් මට සාධාරණීකරණය කළ නොහැකිය.
මහ බැංකු වංචාවේ ලොක්කා එක්ක දැන් හිරේ එකට ඉඳියි.... හොඳ වැඩේ...