IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


පෞද්ගලික බැංකුවකින් කෝටි 91ක් වංචා කළැයි එහි අධ්‍යක්ෂවරයකු රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

රුපියල් කෝටි 91ක මුදලක් වංචා කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මහරගම පෞද්ගලික බැංකුවක අධ්‍යක්ෂකවරයෙකු ලබන 8 වෙනිදා වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගතකිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මහරගම වත්තේගෙදර පදිංචි ප්‍රියංක කුමාර (44) නැමැති නැමති අයෙකි.

මෙම සැකකරු 2017, 2018 යන වර්ෂවලදී දිවයින පුරාම පැවති අදාළ පෞද්ගලික බැංකුවේ ශාඛා මඟින් මෙම මුදල වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

සැකකරු බිබිල ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

අදාල බැංකුවේ තැන්පත් කරුවන් විසින් මෙම මුදල් තැන්පත් කර ඇති අතර ඒවා සැකකරු වංචනික ලෙස ලබාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය සිදු කර තිබේ.



අදහස් (7)

පෞද්ගලික බැංකුවකින් කෝටි 91ක් වංචා කළැයි එහි අධ්‍යක්ෂවරයකු රිමාන්ඩ්

MO77 Thursday, 27 May 2021 05:47 AM

බැංකු නම මෙහි නොතිබුණත් පුද්ගලයාගේ නම එහි තිබීම ගැන මම පුදුම වෙමි.

:       0       46

NisalaThursday, 27 May 2021 07:41 AM

ඔබ නිවැරදියි.

:       0       24

ගමේ එකාලා Thursday, 27 May 2021 08:13 AM

හොද වැඩ්ඩෙක් වගේ .දුෂිත දේෂපාලුවන් ආදර්ෂයට අරන්ද දන්නේ නැ.

:       0       4

Ruwan Thursday, 27 May 2021 10:52 AM

දේශපාලනයේ වගේම මාධ්‍යත් එය මේ ලංකාවේ ස්වභාවය

:       0       4

බුද්ධික Thursday, 27 May 2021 11:28 AM

මේක බැංකුවක් නෙවෙයි සමිතියක්

:       0       3

Ekanayake Thursday, 27 May 2021 05:15 PM

ඔහුගේ දෙමව්පියන්ට, මාතෘ භූමියට සහ තමන්ගේ රැකියාවට ගරු නොකරන මිනිසුන් වෙනුවෙන් මේ පොළොවේ ජීවත් වීමට වලංගු හේතුවක් මට සාධාරණීකරණය කළ නොහැකිය.

:       0       0

Nihal Friday, 28 May 2021 09:51 AM

මහ බැංකු වංචාවේ ලොක්කා එක්ක දැන් හිරේ එකට ඉඳියි.... හොඳ වැඩේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site