(එෆ්.අස්ලම්)
ආරක්ෂක හමුදාව භාරයේ පවතින පෞද්ගලික අයිතිකරුවන්ගේ ඉඩම් හැකිතාක් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසත් ජාතික ආරක්ෂක කටයුතු වෙනුවෙන් නිදහස් කළ නොහැකි ඉඩම් ප්‍රකාශයට පත්කරන ලෙසත් උතුරු පළාත් ආණ්ඩුකාර සුරේෂ් රාඝවන් මහතා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ආරක්ෂක කටයුතු සඳහා භාවිතා වන ඉඩම් හැර අනෙක් සියලු ඉඩම් නිදහස් කර තිබෙන බවත් නිදහස් කළ හැකි ඉඩම් තවත් තිබේ නම් ඒ පිළිබඳ සොයා බලා පියවර ගන්නා බවත් යුද හමුදාපතිවරයා විසින් ආණ්ඩුකාරවරයා වෙත දැනුම් දී තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාරවර සුරේෂ් රාඝවන් මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී පැවැති හමුවකදී මේ බව සඳහන් කර ඇත.
යුද සමයේදී උතුරු පළාතේ ආරක්ෂක හා මානුෂීය ක්‍රියාකාරකම් සිදුකළ ආකාරය පිළිබඳ යුද හමුදාපති ආණ්ඩුකාරවරයාට පැහැදිලි කර දී ඇති අතර එකී කාර්යන් ඉදිරියටත් සිදුකරගෙන යන බවද එහිදී සඳහන් කර තිබේ.
2015 ජනවාරි 8 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් පසු උතුරු පළාතේ මිලිටරි ක්‍රියාකාරකම්වල විශාල වෙනස්කම් සිදුවූ බව ආණ්ඩුකාර යුද හමුදාපතිවරයා වෙත පෙන්වා දී ඇති අතර උතුරු පළාතේ ඉඩම් ආරවුල සම්බන්ධයෙන් සිය කණස්සල්ල ද පලකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරට දෙමල මිනිහෙක් ආණ්ඩුකාරවරයා වශයෙන් දැමීම ගැන මම මෛත්‍රීපාල සිරිසේනට බනිනවා. දැන් සිංහලයන් අන්තිමට අසරණ වෙලා...
වෙලාවට මේ හමුදාපති ඉන්නේ... ඉස්සෙල්ලා හිටපු අගමැතිතුමාගේ කෙනා හිටියා නම් මහා ඇමති "ඉ" කිව්ව ගමන්ම ආණ්ඩුවෙන් හමුදාවට දුන්නු ඉඩමුත් නිදහස් කරලා දීලා ඉවරයි.
මේ මනුස්සයා උතුරේ ආණ්ඩුකාරවරයාද? නැත්නම් රටේ ජනාධිපතිද?
දැන් හමුදාවට තියෙන්නේ ගොඩනැගිලි පමණයි. ඉඩම් නැහැ.
මේ අය හදන්නේ කොහොමහරි දෙමළ ජනතාව අවුස්සලා දේශපාලන වාසි ගන්න.
ඉඩම් වලට කලින් මුලතිව් වල අර පන්සලකට කරන කෙනෙහිලි කම් නවත්වන්න..
යාපනයේ විසූ 25000 අධික සිංහල ජනතාව ඔවුන්ගේ ඉඩම් වල නැවත ආරක්ෂිතව පදිංචි කරන තුරු එක අඟලක් දෙන්න එපා.