IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පෞද්ගලික අංශයෙන් විදුලිය ගැනීම අරඹයි

(යොහාන් භාසුර)

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීම ආරම්භ කරමින් ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරය දකුණු පළාතට අද (2) සම්බන්ධ කරන බවත් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා විදුලි ඒකකයක් විදුලිබල මණ්ඩලයේ බොහෝ බලාගාරවල ඒකක පිරිවැයට වඩා අඩු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

පෞද්ගලික විදුලි සැපයුම් සමාගම් දෙක වන ඒ.එස්. මාතර බලාගාරයෙන් විදුලි ඒකකයක් රුපියල් 55 කට සහ ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලි ඒකකයක් රුපියල් 54 කට මිලදී ගන්නා බව කී අමාත්‍යවරයා විදුලිබල මණ්ඩය සතු කැලණිතිස්ස බලාගාරයේ විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 143 ක් වැය වන බව ද සඳහන් කළේය.

එම බාලාගාරවලට අවශ්‍ය දැවිතෙල් සඳහා ඛනිජ තෙල් සංස්ථාවට මුදල් විදුලිබල මණ්ඩලයෙන් ගෙවන බවත් ඒ.එස්. මාතර බලාගාරයෙන් හිමිකරුවන්ට ඒකකයකට රුපියල් 8.01 ක් සහ ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරයේ හිමිකරුවන්ට ඒකකයකට රුපියල් 7.91 ක් පමණක් ගෙවන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

 



අදහස් (2)

පෞද්ගලික අංශයෙන් විදුලිය ගැනීම අරඹයි

Hafeel Saturday, 02 September 2023 01:54 PM

යාන්තං නාගත්තා...

:       0       1

Nimal Saturday, 02 September 2023 03:00 PM

මල්ල කරේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 212 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site