(අංජුල මහික වීරරත්න)
සැමට දහසකුත් එකක් පෞද්ගලික අපේක්‍ෂාවන් තිබුණ ද ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් මාතෘ භූමිය වර්තමානයේ ඇද වැටී ඇති අර්බුදකාරී තත්වයෙන් යළි ඉහලට ඔසවා තැබීම අනිවාර්ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා මල් ඇතිරූ සුමුදු මගක් නොව අභියෝගාත්මක දුෂ්කර ගමනක මේ වසරේදීත් යා යුතුව තිබෙන්නේ යැයි ජනාධිපතිවරයා කීය.
පසුගිය වසර පුරා ජනතාව කළ කැපවීම් සහ ඔවුන් විඳි දුෂ්කරතා නිසා රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමේ මූලික පදනම සාර්ථක කර ගන්නට හැකි වූ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
නව වසර වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
සියලු ලාංකිකයන් වෙත වගකීමක් පැවරෙන අතර රට යළි ගොඩ නැංවීම වෙනුවෙන් ඒ වගකීම නිසි ලෙස හඳුනා ගත යුතුයැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.
ජනවාරි මාසයට නම් තැබුණේ ජේනස් නම් දෙවියෙකුගේ නමින් බව කී ජනාධිපතිවරයා ජේනස් දෙවිඳුන්ට ඉදිරිය පමණක් නොව පසුපස ද බැලීමට මුහුණු දෙකක් ඇතැයි සඳහන් වන්නේ යැයිද එහෙයින් අනාගතය දෙස පමණක් නොව අතීතය ද විමසා බලා එකිනෙකාගේ වගකීම් හඳුනා ගත යුතුව ඇතැයි පැවසීය.
රට වෙනුවෙන් එම වගකීම් ඉටුකොට මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගන්නට නව වසරේ අදිටන් කර ගනිමු යැයි ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශය කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම හිටපු නිසා නේද ජනාධිපති වෙන්න ලැබුනේ ?
අනේ කකුල් තුනම අල්ලලා වඳින්නම් අපි මව්බිම ගැන හිතලා තමයි ඔබතුමාට දේශපාලනයෙන් අයින් වෙලා ගෙදරට වෙලා ඉන්න කියන්නේ.
හලෝ මේ , අපි අපි ගැන බලාගන්නම් තමුසේ යනවා යන්න.අපි නොවෙයි තමුසෙව ගෙනාවේ.හොරු 134 දෙනෙක්ගේ කරෙන් ආපු හොර ජනාධිපතියෙක් පමණයි තමුන්.
අපිට බන දේශනා කරන්න ඔයා කවුද ? ලජ්ජා නැතිව මහජනතාවගේ සල්ලි වලින් කකා මහජනතාවම පෙලන හැටි.නොදෝමකින් විතරක්.
යාලුවත් එක්ක එකතුවෙලා මහබැංකුව හොරාකාලා සල්ලි ටික යාලුවත් එක්කම සිංගප්පුරුවට පන්නලා, බබා වගේ ඉන්න හැටි.හොර ගෙඩියා.
ඒ .. ඔබ ඇමතුවේ ශ්‍රිලංකාවේ ජනාධිපති ( මිනිහා හිතාගෙන ඉන්නේ එහෙමයි ) හෙවත් බටලන්දේ චන්ඩියා හෙවත් බැංකු හොරා ච්ත්‍රපටයේ ප්‍රධාන නළුවයි.
චන්දෙදි දුවන්න දෙන්නේ තමුසේ ඇතුළු හොර නඩයටම.
ලජ්ජා නැද්ද ඔයි ,දුප්පත් අපේ ටැක්ස් සල්ලිවලින් කකා ,අපිටම කෙලින්න එන්නේ. හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්නවා.
කයිවාරුව නවත්තලා වෙලාවට චන්දය තියන්නකෝ…. ඉතුරු ටික අපි බලාගන්නම්.
ඔබතුමා දිවා රෑ නොබලා මහන්සි වෙන්නේ රට වැටී තිබූ තත්ත්වයෙන් බිඳක් හෝ ඔසවා තබන්න, බදු වැඩි කිරීම් වේදනාකාරීයි, ඒත් විකල්පය මොකක්දැයි බයිලා ගහන කවුරුත් කියන්නේ නෑ, මේ අවුරුද්දේ දෙවන තුන්වන කාර්තු වෙද්දී ජනතාවගේ ආදායම් වැඩි වී රට සමුර්ධිමත් කිරීමට ඔබතුමාට හැකිවේවායි පතමු
අස්වැසුම කියන්නෙ දේශපාලන අරමුණකින් කරන මුදල් නාස්තියක් තමයි ඒ වගේම සමුර්ධි කියන්නෙ ඊට නොදෙවෙනි මගඩියක් ඉතින් ඔය අනවශ්‍ය වියදම් අඩුකලාම රට හදන්න පුළුවන් දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබන කාලයේ රටේ සංවර්ධනය කරන්න අවශ්‍ය පාඩම් කියාදීල රට ගැන හැගීමක් ඇති කරන්න
ඔහෙලා ඔක්කොමල පෞද්ගලික අරමුනු ගැන මෙච්චර කල් හිතුව මිසක් රට ගැන හිතුවෙ නැති නිසා තමයි රට අද මෙ තත්වෙ තියෙන්නෙ.
හොඳට හිතල හිතල ඉතුරු වෙලා තියෙන මොකක් හරි කාට හරි විකුණලා දාන්න.
වසර 40 ක් පාර්ලිමේන්තු ඉඳලා බම්බු ගැහුවද .දැන් තමා ඔක්කොම මතක් වෙන්නේ
පල යන්න ගෙදර
රනිල්ට හරි සැලැස්මක් වැඩ පිළිවෙලක් තියනවා... මොකක්ද ජෙප්පන්ගේ සැලැස්ම .... කියවීම පමණයි
රටම විනාශ කරලා දැන් බොරු බයිලා ගනවා පින් ගොනා.
හමුදාව පොලීසිය ඉස්සරහට දාගෙන පිනට ලැබුන තනතුර රැකගන්නව ඇර වෙන දෙයක් නම් අපට පේන්න නෑ. බලයක් ලැබුන හැම වෙලේම කරේ උපරිම බදු ගහලා ජනතාව හූරගෙන කාපු එක විතරයි. අන්තිම හොර කපටියෙක්, කතා කරන්නේ මොකුත් දන්නේ නැති බබා වගේ. බලය නැති වෙන්නම ඕන ජනතාව හුරන්කාපු එක වැඩි කියලා තේරෙන්න.
අනේ ඔය බණ හොදටම ඇති. ඔය කතාව 1948 ඉදන්ම කියනවා. ආර්ථිකය ජයගන්න මල්මාවත් ඇති රතුපලස් නෑ කියල. ඒත් කරපු දෙයක් නෑ. දැන් ජනතාව ආර්ථිකය ජයගන්න කී පාරක්නම් ඔය කියන දුෂ්කර මාර්ගවල ගියාද? හැබැයි මැති ඇමතිවරුයි හොර බිස්කස් කාරයොයි ඔය කියන දුෂ්කර මාවත ජයගෙන සැපෙන් ඉන්නවා. ජනතාව දවසෙන් දවසම කබලෙන් ලිපට වැටුනා. ඔයාලට ආණ්ඩුව කරගෙනයන්න බැරිනම් ඡන්දයක් තියල සුදුසු කෙනෙකුට රට භාරදීල ගෙදර යන්න.