
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පෞද්ගලික අධ්‍යාපනයට යන්න එපා යැයි කෑ ගහන විශ්ව විද්‍යාල වල ඇතුලේ ඉන්න බාහිර උපාධි සදහා මුදලට පන්ති පවත්වා පෞද්ගලික ක්‍රමවේදයක් අනුගමනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
නිදහස් අධ්‍යාපනය නම් බාහිර මෙන්ම අභ්‍යන්තර අධ්‍යාපනයද මුදලින් නිදහස් විය යුතු බව කී ජනාධිපතිවරයා කවුරුන් හෝ අධ්‍යාපනය බිස්නස් එකක් කරගන්නවා නම් ඊට බදු පැනවිය යුතු බවද කීය.
අනාගතයේ රජයේ රැකියා නැති වන අතර රැකියා වෙළඳපොලට අවශ්‍ය අයුරින් අධ්‍යාපනය සකස් කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මෙි බව කීය.
COMMENTS
කතාව ඇත්ත. අන්තරේ ඉන්නකොට පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව කෑගහපු අයත් තමුන්ගේ පවුල් වල අය ඒවාට යවනවා
අනිවර්යෙන් ප්‍රමිතිගත කල පෞද්ගලික වෙද්‍ය විද්‍යාල ආරම්භ කල යුතුමයි. බහුතරයක් නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්ය කිය කිය රාජකාරි වෙලාවෙත් පුද්ගලික සේවයේ
පුද්ගලික පන්ති නිසා හුඟාක් ළමයින් නොමගට දුෂණයට ලක්වෙනවා
අන්තරේ මෝඩයෝ දන්නේ නෑ ලංකාවේ කොච්චර පුද්ගලික විශ්ව විද්‍යාල තියනවාද කියලා.අද හැම තැනම සල්ලි වලට උපාධි දෙනවා .ඒවාට සද්ද නෑ.රජය කලොත් තමයි දඟලන්නේ
පෞද්ගලික අධ්‍යාපනය එපා කියන බොහෝ දේශපාලකයින්ගේ දරුවන් ඉගෙන ගන්නේත් පෞද්ගලික පාසැල් වල.
කවුරුන් හෝ අධ්‍යාපනය බිස්නස් එකක් කරගන්නවා නම් ඊට බදු පැනවිය යුතුම වේ. අධ්‍යාපනය බිස්නස් එකක් කරගෙන සිටින්නාවූ සියලු දෙනාහට එම වෘර්තිය කරගෙන යාමට license ලබාදිය යුතුවේ. ඔවුන්ට තිබෙන්නාවූ සුදුසුකම් සොයා බලා database system ඇතිකර ඔවුන්ගේ සියලු DATA ලබාගත යුතුවේ. TAX පමණක් නොව ඔවුන්ගෙන් වසරක් license renewal සදහා වසරකට රුපියල් 25.000- 100000 ( සිසුන් පැමිණන ප්‍රමාණය අනුව )දක්වා අයකල යුතුවේ. tuition masters / online tuition පාසල් සිසුන්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගනිමින් තිබේ
ටියුෂන් කරන අයගෙන් බදු ගහන්න ඕන.
True. Many king pins of JVP also sent their children to overseas universities including Mr. Lalkantha!!!