(කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක මාදුලාව ප්‍රදේශයේ නිවසකට කිසිවෙකු විසින් අද (01) අලුයම් කාළයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයට ලක් වූ නිවසේ පිළියන්දල ප්‍රදේශයේ පිරිසක් තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇත.
එම නිවස ආසන්නයේ වෙනත් ඉඩමක නිවසක් ඉදි කිරීම සදහා මුල්ගල් තැබීමේ කටයුත්ත වෙනුවෙන් සහභාගී වීම සදහා එම පිරිස අදාල නිවසෙහි නතරව සිට ඇති බවත් එම නිවස මිලදී ගැනීමේ සූදානමින් එහි සිටි අය සිට ඇතැයි ද පොලිසිය පවසයි.
අදාල නිවසේ සිටි පිරිස නිදා සිටියදී එක්වරම වෙඩි ප්‍රහාරය සිදුව ඇති බවත් කලබල වූ පිරිස නිවසේ කුස්සිය වෙත දුව ගොස් සැගව පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd