
(කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක වටරැක ප්‍රදේශයේ නිවසක් සිටි කාන්තාවකට අද (29) කිසිවෙකු විසින් එල්ල කරන ලද තියුණු ආයුධ ප්‍රහාරයක් නිසාවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කල පසු මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
ඝාතනයට ලක් වූ කාන්තාව යම්කිසි අවශ්‍යතාවයක් සදහා අළුයම් කාළයේදී නිවසෙහි ඉදිරිපස කාමරයකට ගිය අවස්ථාවේදී මෙලෙස කිසිවෙකු විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
බරපතල තුවාල ලැබූ කාන්තාව පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කල පසු මියගොස් ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පාදුක්ක වටරැක සුබෙඅප්පු කංකානමලාගේ කරුණාවතී නැමැති 65 හැවිරිදි එක්දරු මවකි.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd