IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පාතාලයන්ට හොර පාස්පෝට් හැදූ ප්‍රා.ලේකම් නිලධාරීහු මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මෙරට විවිධ අපරාධ සිදුකර විදේශගතවීමට මාන බලන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සංවිධානාත්මක අපරාධ කරුවන්ට ව්‍යාජ තොරතුරු ඇතුළත් ගුවන් ගමන් බලපත්‍ර සකසා දුන් බව කියන වව්නියාව සහ අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිලධාරියෙක් සහ නිලධාරිනියක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ලිපිකාරිනිය සහ අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකාර සහකාරවරයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෑත කාලයේ දී මෙරට ආන්දෝලාත්මක අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකුගේ ඡායාරූප ඇතුළත් එයට  ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කල ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ද  පොලිස් භාරයට ගත්  ගමන් බලපත්‍ර අතර තිබෙන බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි පුද්ගලයකු වන අතර සැකකාරිය 54 හැවිරිදි වූ තැනැත්තියකි  දෙදෙනාම අනුරාධපුර පදිංචිකරුවන් ය.



අදහස් (1)

පාතාලයන්ට හොර පාස්පෝට් හැදූ ප්‍රා.ලේකම් නිලධාරීහු මාට්ටු

නරලොව හොල්මන් Wednesday, 28 June 2023 08:19 PM

ඉතින් ඔවුන් දෙන්නා විතරක් අරගෙන ඇතෙයි, ඔවුන්ට අවශ්‍ය ලිපිලේඛන නිර්දේශ කළ ග්‍රාම නිලධාරින් වරදක් කරලා නැතෙයි... ඕවාට පොලිස් වාර්තා බලන්නේ නැතෙයි...

:       1       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 510 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site