
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාතාල කල්ලිවලට සමහර රාජ්‍ය ආයතනවල සහාය ලැබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය
සමහර පාතාල කල්ලි නිර්මාණය වූයේ දේශපාලන අනුග්‍රහය ඇතිව බවද ඔහු කීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාතාලයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ආනන්ද විජේපාල මහතා මෙසේද පැවසීය
උසාවියේ වෙඩික්කරු සිද්ධිය වී පැය අටක් ඇතුළත අත්අඩංගුවට ගෙන තිබෙනවා. පරීක්ෂණය ඉතා ශක්තිමත්ව සිද්ධ වෙනවා. මීට ස්වල්පය මොහොතකට පෙර මිදෙණියේ ඝාතනයේ සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජීවන් ප්‍රසාද් කුමාර, ප්‍රභාත් තුෂාර පොලිස් කොස්තාපල් ජනක ප්‍රසාද් මෙසේ අත්අඩංගුවට ගෙන අැති අය. මෙය අධිකරණයක් ඇතුළත සිදු වූ පළමු සිද්ධිය නොවෙයි. නමුත් එහෙම කියලා මේ සිද්ධිය ලඝු කරන්න සූදානම් නැහැ.
පාතාල කල්ලි නිර්මාණය වුණේ දේශපාලන අනුග්‍රහය ඇතිවයි. සමහර කල්ලි වලට දේශපාලන රැකවරණ ලැබුණා. එදා සමහර ක්‍රීඩකයන් සහ මාධ්‍යවේදීන් ඝාතනය වුණා. අද වෙනතුරු ඒ අපරාධවල වින්ඳිතයන්ට යුක්තිය ඉෂ්ට වී නැහැ. අපි යුක්තිය ඉෂ්ට කරන්න මැදිහත් වෙලා ඉන්නවා.
අපේ මන්ත්‍රීවරුන් පාතාලය සමග සම්බන්ධතා පවත්වන්නේ නැහැ. පොලිසියට පාතාලය සම්බන්ධයෙන් කටයුතු කරන්න නිදහස ලබාදී තිබෙනවා. පරීක්ෂණ දේශපාලනයෙන් තොරව සිද්ධ වෙමින් පවතිනවා.
විනිසුරුවරුන්ගේ ආරක්ෂාව ගැටළුවක් මතුවෙලා නැහැ. ඒ ආරක්ෂාව ඒ ආකාරයටම දෙනවා. මිනිසුරුවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ සභාවේදී සමහරැ මතු කරපු තොරතුරු සත්‍යයෙන් තොරයි.
අධිකරණයේ සිදු වූ වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා මට වාර්තාවක් ලබාදී තිබෙනවා. වෙඩික්කරු සමග පැමිණි කාන්තාවඅත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වනවා. සිද්ධියට පොලිස් නිලධාරියකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩික්කරු ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වෙනි කොමන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළෙකු ලෙස කටයුතු කර 2024 මැයි මාසයේදී පොදු සමාව යටතේ ඉවත්වී තිබෙනවා. ඒ බව තහවුරු කර ගැනීමට යුද හමුදා වැටුප් ලේඛන අංශයට වාර්තා යොමු කරලා තියෙනවා. පාතාල ක්‍රියාකාරකම් සඳහා සමහර රාජ්‍ය ආයතන වල සහාය ලැබෙන බව තොරතුරු වාර්තා වෙලා තිබෙනවා.
විශේෂයෙන් පොලිසිය. මේ රටේ ජාතික ආරක්ෂාවට හානි වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. දැනටමත් බොහෝ ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හෙළිදරව් කළාට ස්තූතියි. වෙන කිසිම දේශපාලනඥයෙකුට කතා කරන්න ධෛර්යයක් තිබුණේ නැහැ. දැන්, ඔබ මේවා දන්නවා නම්, ඔබේ රජයට FBI වැනි පුළුල් බලතල ඇති මේ ගැන විමර්ශනය කිරීමට බලය ලබා දෙන ස්වාධීන ආයතනයක් පිහිටුවිය හැකිද?
මේ මාස දේකට මිනී මැරුම් 80ක් වුණා. ඒත් කයියෝ ටික නම් කියන්නේ නෑ. එහෙම නැහැ ඔක්කොම හොඳයි. හොඳට වෙනවා කියලා, අපිට කයි වලින් වැඩක් නැහැ.
ගෝනවල සුනිල්ගෙන් තමයි රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්න පටන්ගත්තේ. ඊට පස්සෙ ඕ අයි සී ගේ පුටුවල වාඩිවුන අය, ජනාධිපති ආරක්ෂක හැඳුනුම්පත් මැර වැඩවලට පාවිච්චි කරපු අය, ආරක්ෂක අංශ තමන්ගේ පුද්ගලික පලිගැනීම් වලට ගත්තු අය, රහස් වහන්න ඝාතකයෝ ඝාතනය කරපු අය වගේ පුද්ගලයින්ගෙන් දේශපාලන ඉතිහාසේ වගේම වර්තමානයද පිරිලා. මේ ඔඩුදුවලා තියෙන පිළිකාව සෑහෙන කාලයක් යයි පාලනය කරගන්න. නැත්නම් හොඳකර ගන්න....
මාස දෙකට මිනීමැරුම් 80 ක් වෙන්න ඇති තමුන්ලා රැක්ක බස්කාරයෝ මගමරපු අහිංසක මිනිස්සුත් එක්ක. ඒත් එච්චර නැහැ. පාතාලයින් රැකපු ඔවුන්ට කතිරේ ගහලා දැන් මෙතැන රඟන්නේ පාතාලය මාස දෙකෙන් හැදිච්ච දෙයක් වගේ...
රටේ දැන් මිනිසුන් මරන්නේ එක්දින සීමිත ඕවර තරග වගේ.