
(සුජිත් හේවාජුලිගේ)
පාතාලයට බලපාන හේතු දෙකක් තිබෙන බවත් දේශපාලනය හා දූෂණය එම හේතු දෙක බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා පැවසීය.
රටට තියෙන ලොකුම අභියෝගය සංවිධානාත්මක අපරාධ බවද ඔහු සඳහන් කළේය.
සෙනෙවිරත්න මහතා මෙසේ පැවසූවේ මාතර පැවති වැඩමුළුවකදීය.
රවී සෙනවිරත්න මහතා මෙසේද පැවසීය
පාතාලය එක්ක සම්බන්ධ දේශපාලනඥයන් ඇති. නමුත් අද ඔවුන්ට බලය නෑ. මේ නිසා පාතාලය එක්ක දේශපාලනය ක්‍රියාත්මක කරන්න ඔවුනට බැරිවෙලා තියෙනවා. අද පාලන තන්ත්‍රය මෙහෙයවන්නේ වෙනම කණ්ඩායමක්. දූෂණය සමඟ පාතාලය බැඳිලා තියෙනවා. එතන පොලිස් නිලධාරීනුත් ඉන්නවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඇත්ත. අද පාතාලය මෙහෙයවන්නේ හිටපු දේශපාලකයින් නෙමෙයි දැන් ඉන්න අය. ඉඳලා හිටලා ඇත්ත කියැවෙනවා...
පොහොට්ටු සජබ වහලුන්ට යමක් පහදලා දෙන එක මී හරකෙකුට ඉංග්‍රීසි කියලා දෙනවාටත් වැඩිය අමාරුයි කියලාද යෝගා මේ කියන්නේ...?
දේවාලේ කපුවා දේවාලේ තුළ පැහැරුවා වගේ වැඩක් කරපු අයම නීතිය ගැන දෙසනකොට අපට නම් හිනායනවා...
මගේ බෙල්ල වටේ තොණ්ඩුව ටික ටික තද වෙනවා වගේ දැනෙනවා අපේ හාමුදුරුවනේ...