(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදේශයන් හි සිට මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන පිරිස් අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒම සඳහා රාජතාන්ත්‍රික මට්ටමේ කටයුතු ආරම්භ කර ඇතැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය ව්‍යාපාර මුලික කරගෙන පාතාල ක්‍රියාකාරකම් මතුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
පොලිස්පතිවරයා මෙසේ පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.
මේ අතර විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන ලෙසට කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් කාරක සභාවේදී දීර්ඝව සාකච්ඡා කෙරිණ. එම මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් මන්ත්‍රීවරුන්ට අැති තර්ජන සම්බන්ධයෙන් විමර්ශනය කරමින් අවසන් වාර්තා සකස් කරමින් පසුවන බවත් කාරක සභා සභාපති මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙහිදී පැවසීය
තක්සේරු වාර්තා ලැබීමෙන් පසු මන්ත්‍රීවරැන්ට ආරක්ෂාව අවශ්‍යනම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බව කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.
මෙම රැස්වීම සඳහා ගරු අමාත්‍යවරුන්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා, නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන්, අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඇතුළු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පාතාලයට කරන්න යන දේ පොලිස්පති කියයි
karolis Tuesday, 25 February 2025 12:20 AM
අර පෝය දෙකෙන් ඉවර කරනවා කිව්ව කොළඹට වෙලා හිටපු රණවිරුවාගේ පන්තියට ගිහින් බැලුවේ නැතෙයි
Rajun de Silva Tuesday, 25 February 2025 05:20 AM
මම ජීවත් වන දේශයත් මේ වගේ මත්ද්‍රව්‍ය, පාතාල මර්දන වැඩ ක්‍රියාකාරකම් සාර්ථකව කරනවා. එකම වෙනස තමයි පොලීසිය කියව කියව ඉන්නෙ නෑ. සමහර වෙලාවට ගේම ඉවර වුණාට පස්සෙ තමයි මිනිස්සු දන්නේ.
pj Tuesday, 25 February 2025 07:08 AM
අළුතින් පාතාලයට යොමුවිම 100% ක් නවත්වන්න. මේ විදිහට ගියහොත් පාර්ළිමේන්තුවේදි ඇමතිලා කරන පිලිකුල් සහගත ප්‍රකාශ සහ කෙප්පවලට තිත තැබිම සදහාත් නව පාතාලයක් නුදුරේදිම බිහිවනු ඇත.
අරවින්ද මොණරවිල Tuesday, 25 February 2025 09:26 AM
පාතාලයෝ මර්ධනය කරන විට පාතාලයන් වගේම උන්ව නඩත්තු කෙරුව දේශපාලකයෝයි උන්ගෙන් යැපුණ සුනක රාලලයි බොහොම කළබලයට හා වියරුවට පත්වෙලා කියලා පෙනනවා. කොහොමටත් චිත්‍රපටයේ අවසාන ජවනිකාව බොහොම උණුසුම් වෙනවා කියලා අපි දන්නවා.
Asanga Tuesday, 25 February 2025 09:29 AM
අනේ මන්දා මෙයත් අර 159 වගේම තමා අරක කරනවා මේක කරනවා කිය කිය බයිලා ගානවා කිසිම වඩක් වෙන්නේ නත. අනිත් උන් ටික පච කිය කිය යනවා.
Malika Tuesday, 25 February 2025 09:44 AM
කරන්නට පෙර කීයවීම පළමුව නවත්වන්න. කරලා පෙන්වන්න. ඔය කියන හැටියට ඔය අපරාධකරයෝ ගෙනත් නඩු අහලා කුඩු කරලා ඇප පිට නිදහස් කරාවී නැත්නම් නිදොස් කොට නිදහස් කරාවී. ඊට හොඳා ගේන කොටම නඩුයි බඩුයි ඉවර වෙන ක්‍රමයක් හදන්න. එතකොට පතාලය ඉවර වෙයි.
P gamageThursday, 27 February 2025 09:48 AM
කියවන්න එපා. කරන්න. පුරවැසියා ඉන්නේ ප්‍රථිපල බලාපොරොත්තුවෙන්. කියව කියව ඉන්නකොට, ප්‍රතිවාදීන් කරලා ඉවරයි හලෝල..
Lalla Tuesday, 25 February 2025 11:04 AM
අයියෝ ඔය වැඩ බලන කෑල්ල හලාගන්න බැරුව මොන පාතාල මර්දනයද?ලංකාවේ පොලිස්පති කමට ගැලපෙන සුදුසුකම් තියෙන කෙනෙක් නැතිද?
kamal Koyrala Tuesday, 25 February 2025 12:08 PM
ආරක්ෂාව ඉල්ලන මන්ත්‍රීවරුන් ඇති තර්ජන මොනවද ?ප්‍රමුකතාවය තිබිය යුත්තේ පොදු මහ ජනයාටයි