
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා හෙවත් ධර්මසිරි නැමැත්තා ඩුබායි රටේ සැඟව සිටිය දී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා පැවසීය.
ඉකුත් මැයි 31 වෙනිදා මොරටුව සොයිසා පුර හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් හෙළි වූ තොරතුරු අනුව, මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හරහා ජාත්‍යන්තර පොලීසිය වෙත වරෙන්තුවක් ලබාගැනීමට කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ඩුබායි පොලිසිය මොහු අත්අඩංගුවට ගත් බව පොලිස් අධිකාරිවරයා කීය.
දෙහිවල-ගල්කිස්ස නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වා ඝාතනය ඇතුළු අපරාධ රැසකට මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට මෙම සැකකරු මෙරට පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු අන්ජු, ඔබ කොහෙද?
අපි හුඟක් සන්තෝෂ වෙනවා.. මේ අත්අඩංගුවට ගැනීම ගැන. මේ කුඩ්ඩාගේ නම ‘ධර්මසිරි‘ නේද? අයියෝ අපේ බෞද්ධ සංස්කෘතියට ගිය කලක්..
අාවම SSP මහත්තයාට දෙන්න කීව දේ දෙන්න පුළුවන් වෙයි. ආයුධ පෙන්නන්න යන ගමන්.
දැන්නම් ඇඳුම් තෙත්වෙලා ඇති. පතුරන් කොපු අහුලන කතාව අකුලා ගන්න හිතෙනවා ඇති දැන්...
මෙයාව ලංකාවට ගෙනෙන්න ඒ රටෙන් අවසර දෙන්නේ නැහැල්ලු. ඒ රටේ නීතියට අනුව දඬුවම් දීලා එහෙ සිරදඬුවම් දෙයි කියලා තමයි කියන්නේ. ලංකාවේ රජය හිරකරුවන්ව මරනවා කියලා ලෝකයම දන්නවා. මෙයාව ලංකාවට ගෙනාවට පස්සේ මධුෂ්ට වුනා වගේ පොලිසියෙන් මැරුවොත් ඒ රටට වගකියන්න වෙනවා. අපේ පොලිසියයි ආණ්ඩුවයි හැමතැනම ගාගෙන තියෙන්නේ දැන්...