
(ලාල් එස් කුමාර)
පෑලියගොඩ පොලිස් වසමට අයත් පෙතියාගොඩ ප්‍රදේශයේ තෙමහල් නිවසක පළමු මහලේ කාමරයක් තුළ පවත්වාගෙන ගිය රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීමේ ගබඩාවක් අද (18) සවස් කාලයේ දී ගිනිගෙන ඇතැයි පෑලියගොඩ පොලිසිය පවසයි.
කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් පැමිණ, දෙමහල් නිවසේ අනෙක් මහල් වලට ගින්න පැතිර යෑම වළක්වා අනතුරුව ගින්න නිවා දැමූ බව පොලිසිය කියයි.
එම රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීමේ ව්‍යාපාරය පවත්වාගෙන ගිය අය සහ ඔහුගේ පුත්‍රයා විසින් එම රසායන ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි අවස්ථාවේ ගින්න හටගෙන ඇතැයි ද ගින්නෙන් එම දෙදෙනා ද තුවාල ලබා කොළඹ මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසයි.
පෑලියගොඩ මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd