(නිමන්ති රණසිංහ)

පොල්දූව මංසන්දියේ දී ඉකුත් 13 වැනිදා සිදු වූ උද්ඝෝෂණයේ ප්‍රචණ්ඩ කාරී ලෙස හැසිරුනැයි කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් වෛද්‍ය පැතුම් කර්නර් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2 මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (4) නියෝග කලේය.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය සෑම මසකම අවසන් ඉරු දින උදේ 9-12 අතර කාලයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට ඇප ‌කොන්දේසි නිකුත් කලේය.