
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්. චන්දන)
රජයේ විධායක නිලධාරීන්ට බලපා ඇති වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය ක්‍රියා නොකරන්නේයැයි විරෝධය කළ කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම්වරුන් සහ ආයතන රැසක ප්‍රධානින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම වර්ජනය කිරීම හේතුවෙන් එහි කටයුතුවලට අද (27) බාධා විය.
රැස්වීම වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක අමල් මායාදුන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
එම රැස්වීමට පුත්තලම දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරු 16 දෙනා සහ වයඹ පළාත් විවිධ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුව ප්‍රධානීහු සහභාගී නොවූහ.
මෙම රැස්වීම ඊයේ (27) පෙරවරු 10.00ට කැඳවා තිබූ අතර වෙනදා මෙන් සියලු දෙනාට ආසන පනවා තිබුණත් එම ආසන හිස්ව තිබූ අයුරු දැක ගන්නට ලැබිණි.
ප්‍රාදේශීය ලේකම්වරුන් සහ රජයේ ආයතන ප්‍රධානීන් මෙම රැස්වීමට සහභාගී නොවීම හේතුවෙන් පසුගිය මාසයේ කළ සහ ඉදිරි මාසයේ සිදු කිරීමට නියමිත සංවර්ධන කටයුතු සඳහා තොරතුරු ලබා ගැනීමට ගැටලු මතුවීමෙන් එම කටයුතු සම්පූර්ණයෙන්ම නතර විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇමැතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට සැලකිය යුත්තේ මෙලෙසයි...
වයඹ පළාතේ හිටපු ප්‍රධාන ලේකම් තුමා චෝදනා පත්‍රයකින් තොරව හදිසියේ ඉවත් කිරීමත් මෙම විරෝධයට හේතුවක් වෙන්න ඇති.