
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වැඩිහිටි දීමනාව ලබා දීමට රජය නිකුත් කළ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදලක් ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් වැඩිහිටියන්ට නොදී වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතා පැවැසීය.
ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශය දෙකකට මෙන්ම ග්‍රාම නිලධාරීන් පිරිසකට මෙම චෝදනාව එල්ලවී ඇතැයි කියති.
අදාළ වැඩිහිටියන්ට මෙම මුදල් ලබා දුන් බවට ලේඛනවල සටහන් තබා වැඩිහිටියන්ට ලබා නොදී වංචා කර ඇති බවට මූලික විමර්ශනවලින් හෙළිවී ඇතැයි ද කියයි.
ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වැඩිහිටි දීමනා ලබා ගන්නා වැඩිහිටියන් දහසකට ආසන්න පිරිසක් සිටින බවත් එයින් බහුතරයක පිරිසකගේ මුදල් මෙලෙස වංචා සහගත අයුරින් ලබා ගෙන ඇති බවටත් චෝදනා එල්ලවී ඇතැයි කියති.
තැපැල් කාර්යාලවලින් වැඩිහිටි දීමනාව ලබා දීම සිදු වුව ද එය සෑම මසකම 15 වැනිදායින් පසු ලබා නොදීමෙන් පසු මෙලෙස මුදල් ප්‍රදේශීය ලේකම් කාර්යාල වෙත නැවත ලැබීමෙන් පසු එම මුදල් ද මෙලෙස වංචා කර ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි කියයි.
මේ පිළිබදව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්ගඑම්ගඑස්ගපීගහේරත් මහතාට තොරතුරු ලැබීමත් සමග දිස්ත්‍රික් ලේකම්වරයා විමර්ශන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශයට භාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්ණි, මොවුන් පණුවො ගහල, අපා දුක් මෙලොවදී විඳලා මැරෙන්න ඕන ....
225 ම එළවලා හොදම හොද අලුත් එවුන් ගත්තා කියමුකෝ. එත් මුන් එලවන්න බෑනේ .. ලංකාව නම් කවදාවත් හදන්න පුලුවන්ද ?
අසරණ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පරිවාස දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන දීමනා හොරකම් කරපු නිළධාරි ඉන්න රටේ ඕක මොකක්ද (මේක අවුරුදු 15 කට පමණ පෙර සිදුවීමක් )