
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලමේ පාසල් සඳහා සිසුන් ප්‍රවාහනය කරනු ලබන වැන් හා බස් රථ 32 ක් පරික්ෂා කළ පුත්තලම මෝටර් රථ පරික්ෂකවරයා එයින් 18 ක් සදහා තහනම් නියෝග නිකුත් කිරීමටත් වෑන් රථයක් ධාවනයෙන් ඉවත් කිරීමටත් පොලිසියට උපදෙස් දුන්නේය.
පුත්තලම මූලස්ථාන පොලිසියේ රථවාහන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසන්න කටුගම්පොල මහතාගේ මෙහෙය විමේන් අදාල පාසැල් බස් හා වෑන් රථ පරික්ෂාව සදහා රැගෙන ඒමට කටයුතු කර තිබුණි..
එහිදි අදාල බස් හා වෑන් රථ 32 ක් පුත්තලම දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂක එච්.එම්.ආර් .හේරත් මහතා බස් හා වෑන් රථවල ඇතුලත හා පිටත ක්‍රියාකාරිත්වය එන්ජීන් වල පවතින දෝෂ,පාපුවරු වල ශක්තිමත් භාවය,තිරිංග ක්‍රියාත්මක ආකාරය ආලෝක පහන් ඇතුළු සියල්ල නිසි ලෙස පරික්ෂා කිරීම සිදුවිය.
එහිදි රියදුරන් බස් හා වෑන් රථ හසුරුවන ආකාරයද දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂකවරයාගේ විශේෂ අවධානයට ලක්කර තිබුණි. ඒ අනුව බස් රථවල පවතින අඩුපාඩු නැවත සකසා කඩිනමින් තමන්ට පෙන්වන ලෙසට දන්වමින් අඩුපාඩු සහිත බස් හා වෑන් රථ 18 ක් සදහා තහනම් නියෝග නිකුත් කිරීමටත් අබලන් තත්වයේ සිට පාසැල් සිසුන් ධාවනයේ යොදවා තිබු වෑන් රථයක් සම්පුර්ණයෙන් ඉවත් කිරීමටත් පොලිසියට උපදෙස් ලබා දීමට දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂකවරයා කටයුතු කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අපේ රටේ කරන්න තිබ්බේ මීට පෙර එත් ප්‍රමාද වී හරි පටන් ගත්ත ඔයාලා හැමෝටම ස්තුතියි අපි ඉන්න රටවල තමන්ගේ වාහන අවුරුදු 2 කට සැරයක් ගිහින් පෙන්වන්න ඕනෑ...
දැන් රට යන අත පේනවා ඇති හැමටම!
සල්ලි හම්බ කරන්න බලනවා මිසක්, වෙන කිසිම දෙයක් වැදගත් නැතුව ඇති. අනතුරු සිදුවෙන එක කියන්න දෙයැක්යැ?
බසයක හෝ වෑන් රථයක ගෙන යා හැකි අනුමත මගී සංඛ්‍යාවට වඩා එකමගියෙකුත් ගෙන යන්න ඉඩ දෙන්න එපා . මනුෂ්‍යකම ඇති, දරුවන්ට ආදරය කරන, සාධාරණව මුදල් හම්බ කරන්න කැමති හොඳ මිනිසුන් අප රටේ සිටින බව අපි මතක තබා ගත යුතුය.